උදේ පාන්දර අපගේ් ගේ පිටුපස ඇති කැලෑ රොදක් දෙස ජනේලයකින් බලා සිටියෙමි. බොහෝ විට උකුස්සෙක් හෝ බස්සෙක් ගසක වසා සිටින්නේය. උන් පළාත නිරීක්‍ෂණය කරමින් සිටිති. එක් උදෑසනක උස අත්තක එහෙට මෙහෙට වැනෙමින් තට්ට රාජාලියෙකු සිටිනු දැක මම පුදුම වීමි. ඌ පළාත දෙස බලා සිටියේ ඒ පළාතට අයිතිකාරයා මෙනි. පෙනෙන හැටියට ඌ උදෑසන ආහාරය සොයමින් සිටියේය. එම බැල්ම රාජකීයත්වයක් ඉසිලීය.

2 ලේකම් 16 හි දිවැසිවර හනානි (දෙවියන්වහසන්සේගේ අනාගතවක්තෘ) රජෙකුට කීවේ ඔහුගේ ක‍්‍රියාවන් රාජකීය බැල්මකට ලක්ව ඇති බවයි. ඔහු යුදාහි රජුවූ ආසාට කීවේ “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹ විශ්වාසය නොතබා සිරියේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් ” (7 පදය) කියාය. ඉන්පසු හනානි විස්තර කළේ
“ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය” (9 පදය) කියාය. ආසාගේ වැරදි යැපීම නිසා ඔහු සෑම විටම යුද්ධයෙහි නිරතව සිටිනු ඇත.

මේ වචන කියවන විට දෙවියන්වහන්සේ උකුස්සෙකු මෙන් අප දෙස බලා සිටින්නේ අප වෙත කඩා පනින්න යැයි අපට සිතිය හැකිය. නමුත් හනානිගේ වචන ධනාත්මකය. ඔහුගේ අවධානය නම් අපගේ අවශ්‍යතාවයේදී උන්වහන්සේට ආරාධන කරන තුරු උන්වහන්සේ අප දෙස නොකඩවා බලා සිටින බවය.

මාගේ වත්තේ සිටි තට්ට රාජාලියා මෙන් දෙවියන්වහන්සේගේ ඇස් අපගේ ලොව වටා කෙසේ ගමන් කරනවා ඇද්ද? දැනුත් අප තුළ ඇති විශ්වාසවන්තකම සෙවීමට උන්වහන්සේ ක‍්‍රියා කරන සේක. අපට අවශ්‍ය බලාපොරොත්තුව සහ උපකාරය උන්වහන්සේ සපයන්නේ කෙසේද?