එම චිත‍්‍රය ප‍්‍රදීපයක් මෙන් මාගේ ඇස් ආකර්ෂණය කළේය. නගරයේ විශාල ආරෝග්‍යශාලාවක දිග ශාලාවේ එය ප‍්‍රදර්ශනය කර තිබුණි. එහි අලංකාර වර්ණ සහ නවාජෝ රතු ඉන්දියාණු චිත‍්‍ර දැස් ඇදගන්නා සුළුය. මම එය බලමින් විශ්මයට පත් වුනෙමි. “ඒක බලන්න” මම මාගේ ස්වාමිපුරුෂයා වන ඩෑන්ට කීවෙමි.

ඔහු මට ඉදිරියෙන් ගමන් කළේය. නමුත් මම එතැන නැවතුනෙමි. බිත්තියේ ඇති අනෙක් චිත‍්‍ර අමතක කොට ඒ දෙසම බලා සිටියෙමි. “අලංකාරයි” මම කෙඳිරුවෙමි.

ජීවිතයේ බොහෝ දේවල් ඇත්තෙන්ම අලංකාරය. විශිෂ්ඨ කලාකෘති, භෞමික දර්ශන, විශ්මිත කැටයම්, එසේම ළදරුවෙක්ගේ සිනහව, මිතුරෙක්ගේ “කොහොමද” යන ඇමතුව, බට්ටිච්චාගේ බිත්තරය, මුහුදු බෙල්ලාගේ කටුවේ ඇති ගැඹුරු දාර. ජීවිතයේ කරදර අඩු කිරීමට දෙවියන්වහන්සේ ”උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ” (දේශනාකාරයා 3:11). එවැනි අලංකාරයක බයිබල් විද්වතුන් කියන පරිදි දෙවියන්වහන්සේගේ සම්පූර්ණ මැවිල්ලේ ඡායාවක්ද පැමිණෙන්නාවූ උන්වහන්සේගේ රාජ්‍යයේ පරිපූර්ණ පාලනයේ මහිමයද දක්නට ලැබේ. අපට හැක්කේ එවැනි සම්පූර්ණත්වයක් සිතා ගැනීමට පමණී. දෙවියන්වහන්සේ ජීවිතයේ අලංකාරය තුළින් අපට පෙර රසයක් ලබා දෙන සේක. ඒ “උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ” (11 පදය) යන්නයි. සමහර දිනවල ජීවිතය නීරස බවත් නිෂ්ඵල බවත් අපට පෙනේ. නමුත් දෙවියන්වහන්සේ දයාවෙන් යුක්තව අලංකාර මොහොතවල් සපයන් සේක.

මා අගය කළ චිත‍්‍රයේ කලාකරු ජෙරාඩ් කර්ටිස් ඩෙලානෝ එය තේරුම් ගත්තේය. “දෙවියන්වහන්සේගේ අලංකාරය නිර්මාණය කිරීමට මට තලෙන්තයක් දුන් සේක” කියා ඔහු වරක් කීවේය. “උන්වහන්සේ මාගෙන් බලාපොරොත්තු වන්නේ එයයි”.

එවැනි අලංකාරය දකින විට අප ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද? අප දැනට දක්නා මහිමය භුක්ති විඳිමින් එන්නාවූ සදාකාලය ගැන අපට දෙවියන් වහන්සේට ස්තුති කළ හැකිය.