පුරා විද්‍යාඥ වෝර්වික් රොඩ්වෙල් විශ‍්‍රාම ගැනීමට සුදානම්ව සිටියේය. ඒ අතර තුර ඔහු එංගලන්තයේ ලිච්ෆීල්ඩ් ආසන දෙව් මැදුරේ අසාමාන්‍ය සොයා ගැනීමක් කළේය. ගොඩනගන්නන් පරෙස්සමෙන් දෙව් මැදුරේ පොළොවෙන් කොටසක් ඉවත් කරන විට ඔව්හු වසර 1200 ක් වයස ගාබි‍්‍රයෙල් දේවදුතයාගේ කැටයමක් සොයා ගත්තෝය. රොඩ්වෙල්ගේ විශ‍්‍රාම සැලසුම නතර විය. ඔහුගේ නවතම සොයා ගැනීම වැදගත් සහ කුතුහලය දනවන කාලයක් ඔහුට ඇති කළේය.

ඔහුගේ ජීවිතය සදහටම වෙනස් කරන ගිනිමය සොයා ගැනීමක් කරන විට මෝසෙස්ගේ වයස අවුරුදු 80ක් විය. එම සොයා ගැනීම ඔහුගේ දිවිය සදහටම වෙනස් කළේය. මිසර කුමාරිකාවකගේ හදාගත් පුත‍්‍රයෙක් වුවද ඔහු තම හෙබ්‍රෙව් සම්භවය අමතක කළේ නැත. ඔහුගේ නෑයින්ට වෙන අසාධාරණය දැක මෝසෙස් කෝප විය (නික්මයාම 2:11-12). හෙබ්‍රෙව්වෙකුට පහර දුන් මිසරයෙකු මෝසෙස් විසින් මරාදමන ලද බව ඵාරාවෝ දැනගත් විට මෝසෙස්ව මරා දැමීමට ඔහු සැලසුම් යෙදීය. මොසෙස් මීදියන් දේශයට පලා ගොස් එහි පදිංචි විය.

වසර 40 කට පසු ඔහුට වයස අවුරුදු 80 ක්ව තිබියදී මෝසෙස් තම මාමාගේ රැළ බලා ගනිමින් සිටින විට “ස්වාමීන්වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනිජාලාවක සිට ඔහුට පෙනුණේය. ඔහු බලා සිටියේය, බලව, පඳුර ගිනි ඇවිළ තිබුණු නුමුත් දාලානොගියේය” (3:2). ඒ මොහොතෙහිදී ඉශ‍්‍රායෙල්වරුන්ව මිසරයේ වහල්කමින් පිටතට ගෙනන ලෙසට මෝසෙස්ට දෙවියන්වහන්සේ කැඳවීම දුන් සේක (3-22 පද).

ඔබගේ ජීවිතයේ මේ මොහොත වන විට දෙවියන්වහන්සේ තමන් වහන්සේගේ උච්චතම අරමුණ සඳහා ඔබව කැඳවන්නේ කුමකටද? ඔබගේ මාර්ගයෙහි උන්වහන්සේ තබා ඇති අලුත් සැළසුම් මොනවාද?