යොහන් බව්තිස්තගේ අඩි පාරේ යමින් කාන්තාරයෙහි ජීවත්වීමට ප‍්‍රථම මිසරයේ මේරි (ක‍්‍රි.ව.344-421) තම තරුණ කාලය ගත කළේ නීතියට පටහැනි විනෝදය සොයමින් සහ පිරිමින් රැවටීමෙනි. ඇයගේ සල්ලාල ජීවිතයේ උච්චතම කාලයෙහි ඇය යෙරුසලමට ගියාය. ඒ එහි එන වන්දනා කරුවන් රැවටීමටය. ඒ වෙනුවට එහිදී ඇයට තම පාපය ගැන ගැඹුරු වැටහීමක් ලැබී එතැන් සිට ඇය පසුතැවිල්ලේ සහ පාළුකරයේ තනි ජීවිතයක් ගත කළාය. මේරිගේ දැඩි පරිවර්ථනය පෙන්නුම් කරන්නේ දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයේ ශ්‍රේෂ්ඨත්වය සහ නැවත ස්ථාපිත කළ හැකි කුරුසියේ බලය වේ.

පේත‍්‍රෑස් තුන්වරක් යේසුස්වහන්සේව නොදන්නා බව කීවේය. නඩුවට පැය කිහිපයකට පෙර පේත‍්‍රෑස් යේසුස්වහන්සේ වෙනුවෙන් මිය යන්න කැමති බව පැවසීය (ලූක් 22:33). ඒ හෙයින් ඔහුගේ වරද ගැන දැන ගැනීම ඔහු ලද විශාල පහරක් විය (61-62 පද). යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීමෙන් පසු තවත් ගෝලයන් සමග පේත‍්‍රෑස් මසුන් අල්ලමින් සිටිද්දී යේසුස්වහන්සේ ඔවුන්ට පෙණුන සේක. තෙවරක් ඔහුගේ පේ‍්‍රමය ප‍්‍රකාශ කිරීමට යේසුස්වහන්සේ පේත‍්‍රෑස්ට ඉඩ දුන් සේක. ඒ ඔහු උන්වහන්සේ දන්නේ නැතැයි කී අවස්ථාවලට සමාන්තරවය (යොහන් 21:1-3). එම එක් එක් ප‍්‍රකාශයක් පාසා තම සෙනග බලාගන්න යැයි යේසුස්වහන්සේ පේත‍්‍රෑස්ට අණ දුන් සේක (15-17 පද). මේ අනුග‍්‍රහය විශ්මිත ලෙස ප‍්‍රදර්ශනය කිරීමේ ප‍්‍රතිඵලය වූයේ පේත‍්‍රෑස් සභාව ගොඩනැගීමට ප‍්‍රධාන භූමිකාවක් ක‍්‍රියාත්මක කිරීම සහ අවසානයේ ඔහුගේ ජීවිතය ක‍්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් වේදසාක්‍ෂිකරුවෙක් ලෙස දීමය.

ඕනෑම කෙනෙකුගේ ජීවිත කථාවක් අපගේ වැරදි සහ පරාජයන්ගෙන් ආරමිභ විය හැකිය. නමුත් දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය වෙනස් අවසානයක් ගෙන දෙන්නේය. උන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් අපව මුදවා පරිවර්ථනය කෙරෙන්නේය.