ග්‍රෙග් සහ එලිසබෙත් පාසැල් වියේ සිටින තම දරුවන් සමග සතිපතා “හාස්‍ය රාත්‍රීයක්” ගත කරති. එකිනෙක දරුවන් තමන් කියවූ හෝ අසා ඇති හෝ (තමන්ම සෑදු) විහිළුවක් ගෙන එන්නේ රාත්‍රී ආහාර ගැනීමේදී බෙදා ගැනීමටය. මේ සිරිත කෑම මේසය වටේ බොහෝ ප්‍රීතිමත් මතකයන් නිර්මාණය කර තිබේ. සිනහව තම දරුවන්ගේ සෞඛ්‍යයට හොඳ බව එලිසබෙත් සහ ග්‍රෙග් සොයා ගෙන තිබේ. එය අසීරු දවස්වලදී ඔවුන්ගේ ආත්මය පුබුදුවන්නේය.

කෑම මේසයේදී ඇතිවන ප්‍රීතිමත් දෙබස් සී.එස්.ලුවිස් නිරීක්‍ෂණය කළේය. ඔහු ලීවේ “කෑම වේලාවේදී ඇති වන සිනහවට සමාන කිසි දෙයක් හිරු යට නැත” කියාය.

හිතෝපදේශ 17:22 හි ප්‍රීතිමත් හදවතක් වර්ධනය කිරීමේ ප්‍රඥාව ගැන කියා තිබේ. අප එහි කියවන්නේ “තුෂ්ටිමත් සිතක් හොඳ ඖෂධයකි. නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි” කියාය. එම හිතෝපදේශය සුවය ඉස්මතු කිරීමේ ඖෂධයක් අනුමත කරන්නේය. එය අපගේ සිත පූර්ණ කිරීමට ප්‍රීතියට ඉඩදේ. එම ඖෂධයට වියදම් නැත. නමුත් ප්‍රතිඵල බොහෝය.

අප සියල්ලන්ට මෙම බයිබලීය ඖෂධය අවශ්‍ය වේ. අපගේ සාකච්ඡාවලට අපි ප්‍රීතිය ඇතුළත් කළ විට මත ගැටුමක්, දැක්මකට මාරු විය හැකිය. අසීරු විභාගයකට හෝ රැකියාවේ අමාරු දිනයකට පසු හෝ අපට සාමය අත්දැකිය හැකිය. පවුලේ අය සහ මිතුරන් අතර ඇතිවන සිනහවට ආරක්‍ෂිත ස්ථානයක් නිර්මාණය කළ හැකිය. එවිට අපට ප්‍රේමය ලැබෙන බව අපට දැනේ. හැඟේ.

ඔබගේ ආත්මයට “හොඳ ඖෂධයක්” ලෙස සිනහව වැඩි කිරීමට ඔබට අවශ්‍යද? ප්‍රීතිමත් හදවතක් වර්ධනය කිරීමට බයිබලය ඔබට ධෛර්යය දෙන බව මතක් කර ගන්න.