පාසැල් බස් රියකින් සිසුන් බසින තුරු සිටීමට අකමැතිව ස්ත්‍රියක් තම වාහනය පදික වේදිකාවට ගෙන අනිත් පසින් නැවත මාර්ගයට ආවාය. පොලිසිය විසින් නොසැළකිලිමත් රිය ධාවනයට ඇයට එරෙහිව නඩු පැවරීය.

බලා සිටීම අපව නොඉවසිලිවන්ත භාවයට පත් කරන්නාක් මෙන්ම බලා සිටීම අතරතුර කිරීමට සහ ඉගෙනීමට හොඳ දේවල් තිබේ. “යෙරුසලමෙන් අහක්ව නොගොස්” කියා ගෝලයන්ට කියන විට යේසුස්වහන්සේ එය දැන සිටි සේක (ක්‍රියා 1:4). ඔවුන් සිටියේ “ශුද්ධාත්ම බෞතිස්මය” ලැබීම පිණිසය (5 පදය).

ඔව්හු උඩුමහලක රැස්ව සිටියේ බොහෝ විට උනන්දුවෙන් සහ බලාපොරොත්තුවෙන් විය යුතුය. ගෝලයින්ට බලා සිටින්න කියා කී විට කිසි දෙයක් නොකර සිටීමට නොවන බව ඔව්හු අවබෝධ කර ගත්තෝය. ඔව්හු යාච්ඤාවෙන් කාලය ගත කළෝය (14 පදය). එසේම දේව වචනයට අනුව ඔව්හු යුදස් වෙනුවට අලුත් ගෝලයෙකු පත්කර ගත්තෝය (26 පදය). ඔව්හු නමස්කාරයෙන් සහ යාච්ඤාවෙන් එකතු වී සිටින විට ශුද්ධාත්මයාණන් ඔවුන් මතට පැමිණි සේක (2:1-4).

ගෝලයෝ කිසිවක් නොකර බලා නොසිටියෝය. ඔව්හු එයට සුදානම් වූහ. අප දෙවියන්වහන්සේ තුළ බලා සිටින විට ඉන් අර්ථවත් වන්නේ කිසිවක් නොකර සිටීම හෝ කඩා බිඳගෙන ඉදිරියට යාම හෝ නොවේ. ඒ වෙනුවට යාච්ඤා කිරීමට, නමස්කාර කිරීමට සහ උන්වහන්සේ ක්‍රියා කරන තෙක් බලාපොරොත්තුවෙන් සහභාගීකම භුක්ති විඳීමට අපට පුළුවන. බලා සිටීම අපගේ සිත, මනස සහ ශරීර එන්නාවු දෙයට සුදානම් කරයි.

දෙවියන්වහන්සේ අපට බලා සිටීමට කී විට උන්වහන්සේ සහ උන්වහන්සේ අපට තබා ඇති සැළසුම් විශ්වාස කිරීමට හැකි බව දැන ගෙන අපට උනන්දුව ලැබේ.