අපගේ වත්ත පිටුපස ඇති මිදි වැටට උඩින් මම බැලුවෙමි. අපගේ නිවස පිටුපස ඇති උයනෙහි සාදා ඇති මං තීරුවල සෙනග දුවති. සමහරු ඇවිදිති. තවත් අය එහේ මෙහේ යති. “මම ශක්තිමත් කාලේ ඒවා කළා” මම සිතුවෙමි. එවිට අතෘප්තිකර රැල්ලක් මා සිසාරා ගියේය.

පසුව බයිබලය කියවන විට යෙසායා 55:1 මා සිතට පැමිණියේය. “පිපාසා ඇති සියල්ලෙනි එන්න”. අතෘප්තිකර බව (පිපාසය) සාමාන්‍ය දෙයක් මිස ජීවිතයේ විශේෂයක් නොවන බව මම නැවතත් තේරම් ගත්තෙමි. කිසි දෙයකට එනම් ජීවිතයේ හොඳ දේවල් වලට පවා අපව සම්පූර්ණයෙන් තෘප්තිමත් කළ නොහැකිය. කඳු නැගීමේදී මග පෙන්වන අය මෙන් ශක්තිමත් පාද මට තිබුණත් මගේ ජීවිතයේ තවමත් මම ප්‍රීතියට පත් නොවන දෙයක් තිබිය හැකිය.

අපගේ සංස්කෘතිය එක් අතකින් හෝ වෙනත් අතකින් හෝ අපට කියන්නේ අප කරන, මිළදී ගන්න, ඇවිදින, ආලේප කරන, සැතපෙන හෝ වෙන දෙයක් අපට නොනවතින තෘප්තියක් දෙන බවයි. නමුත් එය බොරුවකි. අප කුමක් කළත් මෙහි තිබෙන කිසි දෙයකින් අපට සම්පූර්ණ තෘප්තිය ලැබිය නොහැකිය.

ඒ වෙනුවට යෙසායා අපට ආරාධනා කරන්නේ දවියන්වහන්සේ සහ දේව වචනය වෙතට නැවත නැවත පැමිණ උන්වහන්සේ කියන දෙයට සවන් දෙන ලෙසයි. උන්වහන්සේ දාවිත් වෙත දැක්වූ ප්‍රේමය “සදාකාලිකය. විශ්වාසවන්තය” (3 පදය). එය ඔබටත් මටත් අදාළය. උන්වහන්සේ වෙත පැමිණිමට අපට පුළුවන.