උපදේශක යන වචනය ඇසෙද්දී ඔබට මතක් වන්නේ කාවද? මට නම් ඒ සභාපාලක රික් ය. ඔහු මාගේ හැකියාව දැක මා කෙරෙහි විශ්වාසය තැබීය. ඒ වන විට මම මා ගැන විශ්වාසයක් තබා නොතිබුණි. යටහත්කමින් සහ ප්‍රේමයෙන් සේවය කරන ආකාරය ගැන ඔහු මට ආදර්ශයක් දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මම දැන් අන් අයට උපදෙස් දෙමින් දෙවියන්වහන්සේට සේවය කරමි.

එලිෂා නායකයෙකු ලෙස වර්ධනය කිරීම පිණිස අනාගතවක්තෘ එලියා විශාල කාර්ය භාරයක් ඉටු කළේය. එලිෂා කුඹුරක වැඩ කරමින් සිටින විට එලියා ඔහුට තම ගෝලයා වීමට ආරාධනය කළේය. ඔහුගේ අනුප්‍රාප්තික ලෙස එලිෂාව ආලේප කරන්නයැයි දෙවියන්වහන්සේ එලියාට කී සේක (1 රාජාවලිය 19:16, 19). තරුණ ගෝලයා තම ගුරුවරයා විශ්මිත හාස්කම් කරනවා බලා සිටියේය. එසේම කුමක් වූවත් ඔහු දෙවියන්වහන්සේට කීකරු විය. එලීෂාව ජීවිත කාලයක සේවාවක් සඳහා පුහුණු කිරීමට දෙවියන්වහන්සේ එලියාව භාවිතා කළ සේක. එලියාගේ ජීවිතයේ අවසන් කාලයේ ඉවත්ව යාමට එලිෂාට අවස්ථාවක් ලැබුණි. නමුත් ඔහු තම උපදේශකට දී තිබු කැප වීම අලුත් කිරීමට තීරණය කළේය. එලිෂාව ඔහුගේ රාජකාරීවලින් නිදහස් කිරීමට තුන්වරක් එලියා ඉඩ දුන්නේය. එහෙත් තුන්වරම එහු කැමති වූයේ නැත. ඔහු කීවේ “ස්වාමින්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඔබ අත් නොහරිමි” (2 රාජාවලිය 2:2, 4, 6) කියාය. එලිෂාගේ විශ්වාසවන්තකම නිසා දෙවියන්වහන්සේ ඔහුවද අසාමාන්‍ය ලෙස භාවිතා කළ සේක.

යේසුස්වහන්සේ අනුගමනය කිරීම කුමක්දයි දැන ගැනීමට අපි සියල්ලන්ට කව්රුන් හෝ අවශ්‍යය. ආත්මිකව වැඩීමට අපට උපකාර කිරීම සඳහා දෙවියන්වහන්සේ අපට භක්තිවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් දෙන සේක්වා. අපද උන්වහන්සේගේ ආත්ම බලයෙන් අන් අය මත අපගේ ජීවිත ආයෝජනය කෙරෙත්වා.