ඇයගේ ස්වාමිපුරුෂයා මියගිය පසු බෙට්සි බොහෝ දවස් ගෙවා අත්තේ තට්ටු නිවාසයේය. රූපවාහිණි බලමින් තමාට පමණක් තේ හදා ගෙන ඇය කල් ගත කර ඇත. ඇයගේ තනිකමේ ඇය තනිව නොසිටී. බ්‍රිතාන්‍යයේ මිලියන නවයක් පමණ (ජනගහණයෙන් සියයට 15 ක් පමණ) පවසන්නේ ඔවුන්ට බොහෝ විට තනිකම දැනෙන බවය. බ්‍රිතාන්‍යය විසින් තනිකමට උපකාර කිරීමට මාර්ග සෙවීමට ඇමතිවරයෙකු පත් කර තිබේ.

තනිකමේ සමහර හේතු කවුරුත් දනී. බොහෝ විට එහි මුල සෙවීමට අපි උත්සාහ කරමු. අප ගැන බලා ගැනීමට අපට පුළුවන් යයි අපි සිතමු. ඉදිරියට යාමට අපට ඉලක්කයක් නැත. අප තාක්‍ෂණයෙන් වෙන්වී සිටිමු. අපි එකිනෙකා අපගේ පරිඝණක වලට ආකර්ෂණය වී සිටිමු.

තනිකමේ පාළු සීමාවන් මට දැනේ. ඔබටද දැනෙවා ඇත. අපට හවුල් ඇදහිලිවතුන් අවශ්‍ය එක හේතුවක් එයයි. හෙබ්‍රෙව් පොත යේසුස්වහන්සේගේ පූජාව ගැන කරන ගැඹුරු සාකච්ඡාව අවසන් කරන්නේ අපට එකතුවන්න කියා ධෛර්යමත් කරමිනි (10:25). අප දෙවියන්වහන්සේගේ පවුලට අයත් වෙමු. ඒ හෙයින් “අපි එකිනෙකාට සහෝදර සහෝදරියන් මෙන් ප්‍රේම කළ යුතු වෙමු”. එසේම “ආගන්තුක සත්කාරය” කළ යුතු වෙමු (13:1-2). අප එකිනෙකා උත්සාහ කරන්නේ නම් සෑම කෙනාටම තමන්ට ප්‍රේමය ලැබෙන බව හැඟී යනු ඇත.

තනිවී සිටින අය සමහර විට කරුණාවට ප්‍රතික්‍රියා නොකරනු ඇත. නමුත් එය අපගේ උත්සාහ අත් හැරීමට හේතුවක් නොවේ. අපව කිසිදා අත් නොහරින බවටත් අමතක නොකරන බවටත් යේසුස්වහන්සේ පොරොන්දු වී ඇත (13:5). අන් අයට ඇති අපගේ ප්‍රේමය පුබුදු වීමට අපට උන්වහන්සේගේ මිත්‍රත්වය භාවිතා කළ හැකිය. ඔබ තනිවී ඉන්නේද? ඔබට දෙවියන්වහන්සේගේ පවුලට උපකාර වීමට සොයා ගත හැකි මාර්ග මොනවාද? යේසුස්වහන්සේ තුළ ඔබ ඇති කර ගන්නා මිතුරන් සදාකාලයට සිටිති. එනම් මේ ජීවිතය සහ සදාකාලය තුළය.