මට වයස 19 දී මාගේ නිවසින් සැ: 700 ක් එහා මම පදිංචියට ගියෙමි. එකල මට ජංගම දුරකථනයක් හෝ එවැනි දෙයක් තිබුණේ නැත. එක් උදෑසනක මම පාන්දරම විවිධ වැඩවලට පිටත්වීමි. සුපුරුදු දුරකථන ඇමතීම මට අමතක විය. එදින රාත්‍රියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාගේ නිවසට පැමිණියහ. මගේ දුරකථන ඇමතුම් කිසි දිනෙක නොවරදින නිසා මගේ මව කලබලයට පත්ව ඇත. ඇය බොහෝ වර නිවසේ දුරකථනයට ඇමතුම් දී තිබුණත් නොකඩවා කාර්ය බහුලයි යනුවෙන් ඇසුණු හෙයින් ඇය පොලිසියට ඇමතුමක් දී මා ගැන සොයා බලන්න යයි ඉල්ලා ඇත. එක් නිලධාරියෙක් මට කීවේ “ප්‍රේමය ඔබව සෙවීම නතර නොකරන බව දැන ගැනීම ආශිර්වාදයකි” කියාය.

මා මවට කථා කිරීමට දුරකථනය අතට ගන්නා විට එහි කථා කරන කොටස මම තබා තිබුණේ වැරදියට බව මට වැටහුණි. මා සමාව ඉල්ලූ පසු ඇය කීවේ මා හමුවු ශුභාරංචිය පවුලේ අයට සහ අනෙක් මිතුරන්ට දැන්විය යුතු බවයි. ඒ සෑම දෙනාටම මම නැතිවී ඇතැයි ඇය කියා තිබුණු බැවිනි. මා දුරකථනය නැවත තැබුවේ ඇය වැඩියෙන් ප්‍රතික්‍රියා කර ඇතැයි සිතමිනි. එහෙත් එවැනි ප්‍රේමයක් ලැබීම හොඳ යයි මම සිතීමි.

ප්‍රේමය වන දෙවියන්වහන්සේ ගැන දේව වචනය අනගි චිත්‍රයක් මවා පායි. උන්වහන්සේ නොනවත්වා මංමුළාවී සිටින උන්වහන්සේගේ දරුවන් ගැන බලන සේක. යහපත් එඬේරෙක් වශයෙන් උන්වහන්සේ නැතිවූ සැම බැටළුවෙකුම සොයන්නේ දෙවියන්වහන්සේගේ සෑම ප්‍රේමණීය දරුවෙකුගේම වටිනාකම සහතික කරමිනි (ලූක් 15:1-7).

ප්‍රේමය අපව සෙවීම නතර කරන්නේ නැත. අපි උන්වහන්සේ වෙතට නැවත හැරී එන තුරු උන්වහන්සේ අප පසුපස එන සේක. ප්‍රේමය දැන ගැනීමට අවශ්‍ය අන් අය ගැන අපට යාච්ඤා කළ හැකිය. දෙවියන්වහන්සේත් ඔවුන් ගැන සෙවීම නොනවත්වන සේක.