භූ දර්ශණ චිත්‍ර පංතියකදී අපගේ ගුරුවරයා බොහෝ අත්දැකීම් සහිත වෘත්තීමය චිත්‍ර ශිල්පියෙක් විය. ඔහු මාගේ පළමු චිත්‍රය නිරීක්‍ෂණය කර ඔහුගේ නිකට අතින් අල්ලා ගත්තේය. “අන්තිමයි” කියා ඔහු කියනු ඇතැයි මට සිතුණි. නමුත් ඔහු එසේ කළේ නැත.

වර්ණ පද්ධතිය සහ චිත්‍රයේ විවෘත භාවයට ඔහු කැමති යයි පැවසීය. ඉන්පසු ඔහු පැවසුවේ ඈත තිබෙන ශාඛාවල වර්ණ ලා පාටක් ගත්තේ නම් හොඳ බවය. එසේම වල් පැලෑටි පඳුරෙහි පත්‍රවල කොන් සිහින් විය යුතුය කියාය. දැක්ම සහ වර්ණය ගැන මාගේ චිත්‍රය විවේචනය කිරීමට ඔහුට අධිකාරීත්වයක් තිබුණි. නමුත් ඔහුගේ විවේචනය කරුණාවන්ත විය. සත්‍යය විය.

සෙනගගේ පාපය නිසා ඔවුන්ව හෙළා දැකිමට යේසුස්වහන්සේට පූර්ණ සුදුසුකම් තිබුණ නමුත්, උන්වහන්සේට පුරාණ ළිඳක් අද්දර මුණ ගැසුණු සමරිතානු ස්ත්‍රියක් පාගා දැමීමට උන්වහන්සේ දස පනත භාවිතා කළේ නැත. ඇයගේ ජීවිතය උන්වහන්සේ මෘදු ලෙස වාක්‍ය කිහිපයකින් විශ්ලේෂණය කළ සේක. ප්‍රතිඵලය නම් ඇය තෘප්තිය සොයා ගොස් පාපයට වැටුණු බව ඇයට ඒත්තු යාමය. මේ දැනුවත්කම භාවිතා කර උන්වහන්සේ සදාකාලික තෘප්තියේ එකම මූලාශ්‍රය තමන්වහන්සේ බව ඇයට ඉගැන්වූ සේක (යොහන් 4:10-13).

යේසුස්වහන්සේ මේ අවස්ථාවේ භාවිතා කළ සත්‍යය සහ අනුග්‍රහය අප උන්වහන්සේ සමග තබන සම්බන්ධතාවයේදී භාවිතා කරන කාරණාය (1:17). උන්වහන්සේගේ අනුග්‍රහය නිසා අපි පාපයෙන් විනාශවීම වැළකේ. උන්වහන්සේගේ සත්‍යය එය බැරෑරුම් දෙයක් නොවේ යයි සිතීමෙන් අප වළක්වන්නේය

උන්වහන්සේ මෙන් වන පිණිස අපගේ ජීවිතයේ වර්ධනය විය යුතු ස්ථාන පෙන්වන්න යයි අපි යේසුස්වහන්සේට ආරාධනා කරමු.