මාගේ මුණුපුරාට දෙනු ලැබූ තෑග්ග වලසෙකි. විශාල සත්ව ව්‍යුහයක් තුළට ඔබ්බවන ලද ප්‍රේමයකි. බේබි ඩි ගේ පළමු ප්‍රතිචාරය වූයේ මවිතයයි. ඊළඟට පුදුමයෙන් යුත් විශ්මයකි. ඉන්පසු කුතුහලයයි. එයින් විමර්ශණයක් හට ගත්තේය. ඔහු තම කුඩා ඇඟිල්ල වලසාගේ නාසයට එබීය. එවිට වළසා ඔහුගේ ඇඟට ඇළවිය. ඔහු ප්‍රිතියෙන් ප්‍රීතියෙන් සහ ප්‍රීතියෙන් ප්‍රතිචාරය දැක්වීය. බේබි ඩි වලසාගේ පුළුන්වලින් පිරී පපුවට හිස තබා එය තදින් වැළඳ ගත්තේය. වළසාගේ පුළුන් මතට කිඳා බසින විට ඔහුගේ මුහුණෙහි මනහර සිනහවක් මතු විය. සෙල්ලම් වලසාට සත්‍ය ලෙස ප්‍රේම කිරීමට නොහැකි බව ඔහු දන්නේ නැත. අහිංසකව ස්වභාවිකව ඔහු වළසාගෙන් ප්‍රේමය ලැබීය. එය මුළු හදවතින්ම ආපසු දුන්නේය.

පළමු කිතුණුවන්ට ලියූ මුල් ලිපි 3 න් අපෝස්තලු යොහන් දෙවියන්වහන්සේම ප්‍රේමය බව නිර්භීතව ප්‍රකාශ කරන්නේය. “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය;” (1 යොහන් 4:16).

දෙවියන්වහන්සේ ප්‍රේමකරන්නේ කොට්ටයක් වැනි සත්වයෙකු තුළින් නොවේ. ස්පන්දනය වන බිඳී ඇති සත්‍ය ශරීරයක් තුළ දිග හදින ලද දෑත් වලින්ය (යොහන් 3:16). යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේගේ අති විශාල පූජාවේ ප්‍රේමය අපට සංනිවේදනය කළ සේක.

යොහන් තවදුරටත් පවසන්නේ “අප ප්‍රේමකරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ නිසා” (1 යොහන් 4:19) කියාය. අපට ප්‍රේමය ලැබී ඇති බව අප විශ්වාස කරන විට අප නැවත ප්‍රේම කරමු. දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ මුළු සිතින්ම උන්වහන්සේට සහ අන් අයට ප්‍රේම කිරීමට අපට හැකියාව දෙන්නේය.