නිව්යෝර්ක් සිට සාන්ත අන්තෝනියෝ දක්වා ගුවන් ගමන විනාඩි විස්සකි. ගමන් සැළසුම වෙනස් විය. නිශ්චල තාවය ඛේදවාචකයකට මාරු විය. යානයේ එක් එන්ජිමක් පිපිරුණි. එන්ජිමේ අබිලි කැබලි ජනේලයක් තුළින් ගුවන් යානය තුළට විසිවුනි. මගීන් කිහිප දෙනෙකුට තුවාල විය. අවාසනාවකට එක් අයෙකු මිය ගියේය. නියමුවා නිවුණු දක්‍ෂ නාවික යුද නියමුවෙක් නොවුයේ නම් ඛේදවාචකය ඊට වඩා දරුණු වීමට තිබුණි. අපගේ ප්‍රාදේශිය පුවත් පතේ මාතෘකාව වූයේ “විශ්මිත දෑත්වල” කියාය.

ගීතාවලිය 31 හි දෙවියන්වහන්සේ විශ්මිත දයාවන්ත දෑත් ගැන යමක් දාවිත් එළිදරව් කරන්නේය. “ඔබ අතට මාගේ ආත්මය භාර දෙමි” කියා ඔහුට සහතික ලෙස කිව හැකි වූයේ ඒ හෙයිනි (5 පදය). සතුරු බලවේග ඔහුව ඉලක්ක කර සිටි හෙයින් ජීවිතය කැළඹිලි සහිත වුවද ස්වාමින්වහන්සේ විශ්වාස කළ හැකි බව දාවිත් විශ්වාස කළේය. දාවිත්ගේ ජීවිතය ඉතා අසීරු විය. අවදානමේ සිටියද ඔහු බලාපොරොත්තුවක් නැතිව සිටියේ නැත. කෙණහිළි මධ්‍යයෙහි දාවිත්ට නිදහසේ සැනසිලි හුස්ම හෙළමින් ප්‍රීති විය හැකිව තිබුණේ ඔහුගේ විශ්වාසවන්ත එසේම තම ස්ථිරතාවයේ මූලාශ්‍රය වන දෙවියන්වහන්සේ නිසාය.

සමහර විට ඔබ සෑම පැත්තකින්ම ගැටළු පැමිණෙන කාලයක සිටිනවා විය හැකිය. ඉදිරියෙහි ඇති දෙය තේරුම් ගැනීම අපහසුය. අවිනිශ්චිතභාවය, ව්‍යාකූලතාවය සහ ඛේදවාචක මධ්‍යයේ එක් දෙයක් ස්ථිරය. දෙවියන්වහන්සේ තුළ සුරක්‍ෂිතව සිටින අය විශ්මිත දෑත් තුළ සිටින බවය.