සීනු කොත් ඇදවූ විට සෙනග බියවන බවක් පෙනේ. දරුණු කුණාටුවකට පසුව තම සභාවේ අභිමානය වන සීනු කොත් ඇදවූ විට බියක් හටගත් බව අපට හමුවූ සමහර මිතුරන් පැවසූහ.

අනිවාර්යයෙන්ම සමහර සභාවන් එය ඉක්මණින් පිළියෙල කළහ. නමුත් හාස්‍ය ජනක රූපකය මගේ සිතට ගෙන ආවේ බොහෝ විට සභාවක සෑම දෙයක්ම සම්පූර්ණත්වයෙන් තිබිය යුතු බව අප කල්පනා කරන බවයි. ඇදවූ දේවලට සුදුසු තැනක් ලෙසට සභාව දෙස සෙනග නොබලති.

නමුත් බිඳුණු ලෝකයක අප සියල්ලෝ “ඇදය”. අප එකිනෙකා අපගේ ස්වාභාවික දුර්වලතා එකතුව සමග ජීවත්වෙමු. අපගේ දුර්වලකම් වසා තබා ගැනීමට අපට පරීක්‍ෂාවක් පැමිණිය හැකිය. නමුත් බයිබලය අපව දිරිමත් කරන්නේ එහි විරුද්ධ ආකල්පයටයි. උදාහරණයක් ලෙස : 2 කොරින්ති 12 හි පාවුල් පවසන්නේ ක්‍රිස්තුස්වහන්සේ වැඩිපුරම එළිදරව් වන්නේ අපගේ දුර්වලකම්වලදීය කියාය. එහි එයට “මාංශයේ උලක්” යැයි (7 පදය) කියන්නේය. යේසුස්වහන්සේ පාවුල්ට පවසා ඇත්තේ “දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය” (9 පදය) යනුවෙනි. ඒ හෙයින් පාවුල් නිගමණය කරන්නේ “ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි” (10 පදය) කියාය.

අපගේ දුර්වලකම්වලට අපි අකමැති විය හැකිය. නමුත් ඒවා සැඟවීමෙන් වන්නේ අපගේ ජීවිතවල එම කොටස්වල යේසුස්වහන්සේගේ බලයේ ක්‍රියාකාරිත්වය නැති වීමය. අප යේසුස්වහන්සේව අපගේ ජීවිතයේ ඇදවූ ස්ථානවලට ආරාධනය කළ විට අපගේ උත්සාහයෙන් කිසි දිනක කළ නොහැකි දේ උන්වහන්සේ මෘදු ලෙසින් අලුත්වැඩියා කර අපව නිදහස් කරන සේක.