ඇගතා ක්‍රිස්ටිගේ හර්කියුලේ පොයිරට් කථා මාලාවේ “ඔර්ලෝසු” නැමති කථාවේ මිනීමැරුම් පෙළක් සංවිධානය කරන විරුද්ධවාදීන් කණ්ඩායම් ගැන කියැවේ. ඔවුන්ගේ මුල් සැළැස්ම එක් පුද්ගලයෙකු ඉලක්ක කළත් මුල් පාපය වැසීමට ඔවුන් තව ජීවිත බිලි ගනිති. පොයිරට් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ විට වැරදිකරුවෙකු පාපෝච්චාරණය කළේ “එය එක් මිනීමැරුමකට සීමා විය යුතුව තිබුණා” කියාය.

එම කථාවේ පාප සැළසුම්කරුවන් මෙන් ආගමික නායකයෝ ඔවුන්ට ආවේනික කුමන්ත්‍රණයක් යෙදුවෝය. ඒ යේසුස්වහන්සේ ලාසරුස් මළවුන්ගෙන් නැගිටවු පසුවය (යොහන් 11:38-44). ඔව්හු හදිසි රැස්වීමක් කැඳවා උන්වහන්සේ මැරීමට කුමන්ත්‍රණය කළෝය (45-53 පද). එහෙත් ඔවුන් එතැනින් නැවතුණේ නැත. යේසුස්වහන්සේ මරණින් නැගිටුණු පසු සොහොනෙහි සිදුවූ දේ ගැන බොරු ප්‍රචාර ගෙන ගියෝය. ඉන්පසු යේසුස්වහන්සේගේ අනුගාමිකයන් නිශ්චල කිරීමට ඔව්හු කටයුතු කර ගෙන ගියෝය (ක්‍රියා 7:57-8:3). “ජාතියේ විශාල යහපතක්” සඳහා එක් මිනිසෙකුට විරුද්ධව ආරම්භ වූ ආගමික කුමන්ත්‍රණය බොරුවේ රැවටිල්ලේ සහ බොහෝ ජීවිත විනාශයන්ගේ ක්‍රියා ජාලයක් බවට පත් විය.

පෙනෙන තෙක් මානයේ අවසානයක් නැති මාර්ගයක් දිගේ පාපය අපව ගෙන යන්නේය. නමුත් දෙවියන්වහන්සේ සෑම විටම ගැළවීමේ මාර්ගයක් අපට විවෘත කරන සේක. උත්තම පූජක කයාපස් “මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනග උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනා කරන්නේ නැතැයි” කී විට ඔහුගේ වචනවල වැදගත්කම ඔහුට වැටහුණේ නැත. ආගමික නායනකයන්ගේ කුමන්ත්‍රණය මනුෂ්‍ය වර්ගයාගේ මිදීම ගෙන ඒමට උපකාර වනු ඇත.

යේසුස්වහන්සේ පාපයේ කුරිරු ග්‍රහණයෙන් අපව ගළවන සේක. උන්වහන්සේ දෙන නිදහස ඔබ අත්දැක තිබේද?