ලන්ඩන් සත්වෝද්‍යානයට අනුව මනුෂ්‍ය වර්ගයා විශේෂිත නැත. “මනුෂ්‍යයන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරයේ” යනුවෙන් 2005 දී සත්වෝද්‍යානය දින හතරක ප්‍රදර්ශනයක් පැවැත්වීය. මනුෂ්‍ය සිරකරුවන් තෝරා ගනු ලැබුවේ පරිඝණක තරඟයක් මගිනි. අමුත්තන්ට මනුෂ්‍යයන් හඳුනා ගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ ආහාර, වාසස්ථාන, තර්ජන යනාදිය ගැන ලියන ලද සටහන් පුවරු සත්වෝද්‍යාන කම්කරුවෝ සවි කළහ. සත්වෝද්‍යානය වෙනුවෙන් කථා කළ අයට අනුව ප්‍රදර්ශනයේ අරමුණ වූයේ මනුෂ්‍ය සංහතියේ අසමසම භාවය ගැන ඇති අදහස නැති කිරීමය. ප්‍රදර්ශනයේ එක් සාමාජිකයෙකු ඊට එකඟ විය. “මෙහිදී ඔවුන් මනුෂ්‍යයන් සතුන් ලෙස දකිද්දී අපි එතරම් වැදගත් නැතැයි ඔවුන්ට යම්කිසි සිහිපත් කිරීමක් ලබා දෙනු ඇත”.

බයිබලය මනුෂ්‍යයන් ගැන කියන දෙයට වඩා මෙය කෙතරම් වෙනසක්ද! ඒ දෙවියන්වහන්සේ “භයානක ලෙසත් පුදුම ලෙසත්” “උන්වහන්සේගේ ස්වරූපයෙන්” මනුෂ්‍යයන් මවන ලද හෙයිනි (ගීතාවලිය 139:14; උත්පත්ති 1:26-27).

දාවිත් ගීතාවලිය 139 ආරම්භ කරන්නේ ඔහු ගැන දෙවියන්වහන්සේට ඇති දැනුම පසසමිනි (1-6 පද). එසේම සියල්ල වටකර ඇති උන්වහන්සේගේ අභිමුඛය සමරමිනි (7-12 පද). විශිෂ්ඨ ගෙත්තම්කරුවෙක් මෙන් දෙවියන්වහන්සේ දාවිත්ගේ අභ්‍යන්තරයේ සහ පිටස්තරයේ අංශු සෑදුවා පමණක් නොව (13-14 පද) උන්වහන්සේ ඔහුව ජීවමාන ආත්මයක් කළ සේක. දෙවියන්වහන්සේට සමීපව සම්බන්ධ වන පිණිස ආත්මික ජීවනය සහ හැකියාවද දුන් සේක. දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්ත ගැන භාවනා කරමින් දාවිත් විශ්මයෙන් පුදුමයෙන් සහ ප්‍රශංසාවෙන් ප්‍රතිචාර දැක්වීය (14 පදය).

මනුෂ්‍යයෝ විශේෂිතය. දෙවියන්වහන්සේ අපව අද්වීථිය මනහරතාවයකින් සහ උන්වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ හැකියාවකින් මැවු සේක. දාවිත් මෙන් උන්වහන්සේට ප්‍රශංසා කළ හැක්කේ අපි උන්වහන්සේගේ ප්‍රේමණීය දෑතේ හස්ත කර්මාන්තයක් නිසාවෙනි.