ඒරන්ට (ඔහුගේ සත්‍ය නම නොවේ) වයස 15 වන විට ඔහු සාතන්ට යාච්ඤා කිරීම ආරම්භ කළේය. “ඔහුත් මාත් අතර පංගුකාරත්වයක් ඇති බවට මට හැඟුණි” ඒරන් කීවේය. ඒරන් බොරුකීම, සොරකම සහ පවුලේ අය සහ මිතුරන් රැවටීම ආරම්භ කළේය. ඔහු භයානක සිහින දුටුවේය. “මම උදැසන අවදිවන විට යක්‍ෂයා මගේ ඇඳ අද්දර ඉන්නවා දුටුවෙමි. ඔහු මට කීවේ මම විභාගය සමත් වූ පසු මැරෙන බවය”. නමුත් විභාගය අවසන් වූ පසුවත් මම ජීවත් වුනෙමි. “මට පැහැදිළිව තේරුණා ඔහු බොරුකාරයෙක් බව” ඒරන් පැවසීය.

ගැහැණු ළමයි හමුවීම පිණිස ඒරන් කිතුණු උත්සවයකට ගියේය. මනුෂ්‍යයෙකු ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඉදිරිපත් විය. ඒ මනුෂ්‍යයා යාච්ඤා කරන විට “මා තුළට සමාදානයක් ගලා එනවා මට දැණුනා”. සාතන්ගෙන් ඔහු ලද දෙයට වඩා බලවත් නිදහස් කිරීමක් ඔහුට දැණුනි. ඒරන්ට යාච්ඤා කළ පුද්ගලයා කීවේ දෙවියන්වහන්සේට ඔහු ගැන සැළැස්මක් ඇති බවත් සාතන් බොරුකාරයෙක් බවත්ය. සාතන් ගැන යේසුස්වහන්සේ කී දෙයක් එම පුද්ගලයා පැවසීය. “ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියාය” (යොහන් 8:44).

ඒරන් සාතන් නමස්කාරයෙන්, ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණි. දැන් ඔහු දෙවියන්වහන්සේට අයිතිය (47 පදය). ඔහු නාගරික පරිසරයක සේවය කරයි. යේසුස්වහන්සේ කරන වෙනස ඔහු පෙන්නුම් කරයි. ඔහු දෙවියන්වහන්සේගේ ගැළවීමේ බලයේ ජීවමාන සාක්‍ෂියකි. “දෙවියන්වහන්සේ මාගේ ජීවිතය ගැළෙව්වා කියා මට ස්ථිරව කිව හැකිය” කියා ඔහු කියයි.

යහපත්, ශුද්ධ සහ සත්‍ය දේවල එකම මූලාශ්‍රය දෙවියන්වහන්සේය. උන්වහන්සේ වෙත හැරී සත්‍යය සොයා ගැනීමට අපට පුළුවන.