1963 ග්‍රීෂ්ම සෘතුවේ මුළු රාත්‍රියක් බසයෙන් ගමනක් ගිය පසු මානව අයිතිවාසිකම් ක්‍රියාකාරී ෆැනී ලු හැමර් සහ තවත් කළු මගීන් සය දෙනෙකු ආහාරය සඳහා මිසිසිපි හී විනෝනා ප්‍රදේශයේ අවන් හලක නැවතුණහ. නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් ඔවුන්ව එතැනින් බලයෙන් පළවා හරිද්දී ඔවුන්ව අත්අඩංගුවට ගෙන සිර කරන ලදී. සෑම දෙනාටම පහර දෙනු ලැබීය. ෆැනීට ඉතා බරපතල ලෙස පහර එල්ල වුණි. ඇයට මිය යන තරමට පහර දුන්නත් ඇය ගීතිකාවක් ආරම්භ කළාය. “පාවුල් සහ සීලස් සිරකරනු ලැබුවෝය. මාගේ සෙනගට යන්න ඉඩ දෙන්න”. ඇය තනිව ගායනා කළේ නැත. අනෙක් සිරකරුවන් ශාරිරිකව සිරගතව සිටියද ආත්මයෙන් නිදහස්ව සිටි බැවින් ඔව්හුද නමස්කාරයට එකතු වුහ.

ක්‍රියා 16 ට අනුව යේසුස්වහන්සේ ගැන අන් අයට ප්‍රකාශ කළ නිසා පවුල් සහ සීලස්ව සිර කරනු ලැබීය. නමුත් අසීරුතාවය ඔවුන්ගේ ඇදහිල්ල බොඳ කළේ නැත. “මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය” (25 පදය). ඔවුන්ගේ නිර්භීත නමස්කාරය නිසා යේසුස්වහන්සේ ගැන අඛණ්ඩව කථා කිරීමට ඔවුන්ට  ඉඩ සැළසුණි. “එවිට ඔව්හු සිර ගෙදර මුළාදෑණියාට සහ ඔහුගේ නිවසේ සියලු දෙනාට ස්වාමින්වහන්සේ ගැන ප්‍රකාශ කළෝය” (32 පදය).

අපගෙන් බොහෝ දෙනෙකු පාවුල්, සීලස් හෝ ෆැනී මුහුණ දුන් ආකාරයේ අසීරුතාවලට මුහුණ නොදෙනු ඇත. නමුත් එකිනෙකා අසීරු අවස්ථාවන්වලට මුහුණ දෙනු ඇත. අසීරුතා මධ්‍යයේ වූවත් උන්වහන්සේට ගෞරවය දෙන උන්වහන්සේ වෙනුවෙන් කථා කිරීමට නිර්භීතකම දෙන ගීතයක් අප තුළ වේවා!