පුරුෂ ස්මාරක (නෙල්සන් මැන්ඩෙලා, වින්ස්ටන් චර්චිල්, මහත්මා ගාන්ධි සහ තවත් අය) අතර ලන්ඩන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ත්‍රියකගේ තනි පිළිරුවක් තිබේ. ඇය මිලිසන්ට් ෆෝසෙට්ය. ඇය ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිවාසිකම වෙනුවෙන් සටන් කළාය. තඹ වලින් අමරණීයව කොඩියක් අතැතිව ඇය සිටින්නීය. එම කොඩියේ ඇති වචන ඇය තම හවුල් සටන්කාරියකට පැවසූ වදන්ය. “ධෛර්යය සෑම තැනම ධෛර්යය කැඳවයි”. ෆෝසෙට් කීවේ එක් අයෙකුගේ දිරිය අන් අයව ශක්තිමත් කරන බවය. බියගුළු අයට ක්‍රියාකාරීවීමට ආරාධනා කරන බවය.

දාවිත් තම පුත් සාලමොන්ට සිහසුන භාර දීමට සුදානම් වන විට සාලමොන්ට ඉක්මණින්ම මුහුණ දීමට වන වගකීම් ගැන පැහැදිළි කළේය. සාලමොන් මුහුණ දුන් බරින් ඔහු චංචල වූ බවක් පෙනේ. එනම්: දෙවියන්වහන්සේ දුන් සියලු අණ පිළිපැදීමට ඉශ්‍රායෙල්වරුන්ට මග පෙන්වීම, දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් දේශය ආරක්‍ෂා කිරීම සහ මාලිගාව සෑදීමේ විශාල කර්තව්‍යය අධීක්‍ෂණය කිරීම (1 ලේකම් 28:8-10) වන්නේය.

සාලමොන්ගේ චංචල සිත දැනගෙන දාවිත් තම පුත්‍රයාට බලවත් වදන් ප්‍රකාශ කළේය. “ශක්තිමත්ව සවිව සිට…. භය නොවන්න. නොකැළඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමින්වහන්සේ නුඹ සමග වන සේක” (20 පදය). සත්‍ය ධෛර්යය, සාලමොන්ගේ නිපුණත්වයෙන් හෝ ස්ථිරතාවයෙන් පැමිණෙන්නේ නැත. නමුත් දෙවියන්වහන්සේගේ අභිමුඛය සහ ශක්තිය මත යැපීමෙන් එය පැමිණේ. සාලමොන්ට අවශ්‍ය ධෛර්යය දෙවියන්වහන්සේ දුන් සේක.

අප අසීරුතාවලට මුහුණ දුන් විට අපි නිර්භීතකම පෙන්වීමට හෝ නිර්භීත යැයි කියා පෑමට හෝ පෙළඹෙන්නෙමු. කෙසේ වෙතත් අපගේ ඇදහිල්ල අලුත්කරන්නේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ අප සමග සිටින සේක. උන්වහන්සේගේ අභිමුඛය ධෛර්යයමත්වීමට අපව කැඳවන්නේය.