මා හැදී වැඩුණේ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරුණු සභාවකය. පවුලේ අයෙකු හෝ සමීපතමයෙකු හෝ මියගිය විට සභාවේ බංකුවක හෝ බිත්තියක පිත්තල ඵලකයක් සවි කෙරේ. මැරුණ අයගේ නම ලියා ඔහු/ඇය සිහි කිරීම පිණිස යයි එහි ලියැවේ. එය ගෙවී ගිය ජීවිතයක අනර්ඝ මතක සටහනකි. මා සෑම විටම එම ස්මාරක අගය කරමි. තවමත් එසේමය. නමුත් නැවතී කල්පනා කිරීමට ඒවා මා යොමු කරන්නේය. ඊට හේතුව ඒවා නොසෙල්වේ. ඒවා අප්‍රාණික වස්තූන්ය. වචනාර්ථයෙන් කියන්නේ නම් ඒවා “ජීවමාන” නැත. එම ස්මාරකයට ජීවනය ඇතුල් කිරීමට ක්‍රමයක් තිබේද?

තම ප්‍රිය මිත්‍ර යොනාතාන් මිය ගිය පසු ඔහුට දුන් පොරොන්දුවක් ඉටු කිරීමටත් ඔහුව මතක තබා ගැනිමටත් දාවිත්ට අවශ්‍ය විය (1 සාමුවෙල් 20:12-17). නමුත් නොසෙල්වෙන දෙයක් වෙනුවට ජිවමාන දෙයක් දාවිත් සෙවීය. ඒ යොනාතාන්ගේ පුත්‍රයෙකි (2 සාමුවෙල් 9:3). මෙහිදී දාවිත්ගේ තීරණය නාට්‍යයක් මෙනි. ඔහු මෙපිබොෂෙත්ට (6-7 පද) කරුණාව දැක්වීමට තීරණය කළේය. ඒ වස්තුව (සීයා වන සාවුල්ගේ ඉඩම්) නැවත ලබා දීමෙන් සහ අඛණ්ඩ කෑම සහ බීම සැපයීමෙනි (මාගේ මේසයේ සෑම දින ආහාර ගන්න).

මිය ගිය අයව චිත්‍ර සහ ඵලක වලින් අප මතක් කරන අතර දාවිත්ගේ ආදර්ශය මතක් කර ජීවත්වන සියල්ලන්ට කරුණාව දිගු කරමු.