ඉන්දුනීසියාවේ සභාපාලකවරුන්ට බයිබල් උපදෙස් පොතත් ලියමින් සිටින විට ලේඛක මිතුරෙකු එම ජාතියේ එකට සිටීමේ සංස්කෘතිය ගැන ඉතා ප්‍රීති විය. ඊට එම භාෂාවෙන් කීවේ “ගොටොං රොයොං” කියාය. එනම් අන්‍යෝන්‍ය සහයෝගයයි. එම සංකල්පය ගම්වල ඇත. වහලක් සෑදීමේදී, පාලමක් හෝ පාරක් කැපීමේදී සෙනග එකට වැඩ කරති. සෙනග ගමන් යන්නේ උදාහරණයක් ලෙසට වෛද්‍යවරයා හමුවීමට පවා යන්නේ තව කෙනෙකු කැටුවය. එය සංස්කෘතික ප්‍රමිතියයි. ඒහෙයින් ඔබ තනිවී නැත.

ලෝකය පුරා යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ද ප්‍රීතිවන්නේ අප තනිවී නැති බව දන්නා නිසාය. අපගේ අඛණ්ඩ සදාකාලික හවුල්කරුවාණෝ ශුද්ධාත්මයාණෝය. ත්‍රිත්වයේ තුන්වන තැනැන්වහන්සේය. ප්‍රිය මිතුරෙකුට වඩා බොහෝ සමීපය. ක්‍රිස්තුස්වහන්සේ අනුගමණය කරන අප සෑම කෙනෙකුටම සදාකාලයට සිටිමින් අපට උපකාර කිරීමට ස්වර්ගීය පියාණෝ ආත්මයාණන් වහන්සේ දෙන සේක (යොහන් 14:16).

තමන්වහන්සේගේ භෞමික ජීවිතය අවසන් වූ විට ආත්මයාණන්වහන්සේ එවන බවට යේසුස්වහන්සේ පොරොන්දු වූ සේක. “නුඹලා අනාථව නාරින්නෙමි” යයි යේසුස්වහන්සේ කී සේක (18 පදය). ඒ වෙනුවට ඔබ සමග ජීවත්වන ඔබ තුළ සිටින එමෙන්ම ක්‍රිස්තුස්වහන්සේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගන්නා සියල්ලන් සමග ජීවත්වන “සත්‍යතාවේ ආත්මයාණෝ” වන ශුද්ධාත්මයාණෝ දෙන සේක (17 පදය).

ශුද්ධාත්මයාණෝ අපගේ උපකාරයාණෝය. සහනදායකයාණෝය. දිරිමත් කරන්නාය. අනුශාසකයාය. සම්බන්ධ වී සිටින අයටද පාළුව දැනිය හැකි ලෝකයක උන්වහන්සේ අඛණ්ඩ හවුල්කරුවෙක්ය. අප සැමදා උන්වහන්සේගේ සහනදායී ප්‍රේමයේ සහ උපකාරයේ පවතීවා!