වසර ගණනාවක් මාගේ සිත ආරක්‍ෂා කර ගැනීමට මම බියේ පළිහක් භාවිතා කළෙමි. අලුත් දේවල් අත්හදා බැලීමටද මාගේ සිහින පසුපස යාමටද දෙවියන්වහන්සේට කීකරු වීමටද එය සමාවට හේතුවක් විය. නමුත් අලාභ වීමේ, සිත් රිදීමේ සහ ප්‍රතික්‍ෂේපයේ බිය දෙවියන්වහන්සේ සහ අන් අය සමග ප්‍රේමණිය සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට බාධාවක් විය. බිය නිසා මම අනාරක්‍ෂිත කණස්සලු ඊර්ෂ්‍යාකාර භාර්යාවක් වීමි. එසේම උවමනාවට වඩා දරුවන් ආරක්‍ෂා කිරීමට තැත් කරන කරදර වන මවක් වූයෙමි. කෙසේ වෙතත් දෙවියන්වහන්සේ මා උන්වහන්සේ සමග සහ අන් අය සමග සම්බන්ධවන ආකාරය වෙනස් කරන සේක. දෙවියන්වහන්සේ මට තවමත් සළකන බව මම දන්නා නිසා මට වැඩි ආරක්‍ෂාවක් ඇති බවට හැඟීමක් ඇත. එසේම මාගේ අවශ්‍යතා වලට වඩා අන් අයගේ අවශ්‍යතා ඉදිරියෙන් තැබීමට කැමැති වෙමි.

දෙවියන්වහන්සේ ප්‍රේමයය (1 යොහන් 4:7-8). ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ මරණය – ප්‍රේමයේ පරම ප්‍රකාශනය- උන්වහන්සේ අපට දක්වන ආදරය ප්‍රදර්ශනය කරයි (9-10 පද). දෙවියන්වහන්සේ අපට ප්‍රේම කර අප තුළ සිටින නිසා උන්වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේ අපට කර ඇති දේවල් නිසා අපට අන් අයට ප්‍රේම කළ හැකිය (11-12 පද).

අප යේසුස්වහන්සේව අපගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගන්නා විට උන්වහන්සේ තමන්වහන්සේගේ ශුද්ධාත්මය අපට දෙන සේක (13-15 පද). ආත්මයාණන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැන ගෙන එය මත යැපීමට සළස්වන හෙයින් උන්වහන්සේ අපව වඩ වඩා යේසුස්වහන්සේ මෙන් කරන සේක (16-17 පද). විශ්වාසයෙන් සහ ඇදහිල්ලෙන් වර්ධනය වීමෙන් අපගේ බිය කෙමෙන් පහව යයි. ඊට හේතුව උන්වහන්සේ අපට ගැඹුරින් සහ සම්පූර්ණයෙන් ප්‍රේම කරන බව අප දන්නා නිසාය (18-19 පද).

දෙවියන්වහන්සේගේ කොන්දේසි විරහිත සහ පුද්ගලික ප්‍රේමය අප අත්දකින විට අප වර්ධනය වන්නෙමු. එසේම උන්වහන්සේට සහ අන් අයට නිර්භීතව ප්‍රේම කිරීමේ අවදානම අපට ගත හැකිය.