පැරිසිය අසබඩ ප්‍රදේශවල ලෝකයේ අන් නගරවල මෙන් සෙනග තම සමාජයේ සිටින නිවාස නැති අයගේ ආධාරයට පැමිණෙති. වතුර නොයන මලුවල අසුරන ලද ඇඳුම් මාර්ගය අසළ වැටවල් වල එල්ලනු ලැබේ. ඒ වීථිවල වෙසෙන අයගේ අවශ්‍යතාවයන් සඳහාය. මලුවල ලියා ඇත්තේ “මම නැතිවී නැත්තෙමි. ඔබට ශීතල නම් මම ඔබ වෙනුවෙන් සිටිමි” යන්නය. එම උත්සාහය නිවාස නැති අයට උණුසුම දෙනවා පමණක් නොව සමූහනයේ අයට උපකාර කිරීමේ වැදගත්කම උගන්වන්නේය.

බයිබලය දුගීන්ට උපකාර කිරීමේ වැදගත්කම ඉස්මතු කරන්නේය. ඔවුන් කෙරෙහි දෑත් විවෘත කරන්න යැයි අපට උපදෙස් ලැබේ (ද්වීතීය කථාව 15:11). දුගීන්ගේ ප්‍රශ්නයෙන් අපගේ ඇස් ඉවතට ගැනීමටත් ඒවා බෙදා ගන්නවා වෙනුවට ඒවා තදින් අල්ලා ගැනීමටත් අපට පරීක්‍ෂාව එන්නේය. ඒහෙයින් දෙවියන්වහන්සේ අපට අභියෝග කරන්නේ සැම විටම අවශ්‍යතාවලින් සිටින අය අප වටකර සිටින බවත් අප කොඳුරන සිතක් නොමැතිව (10 පදය) ත්‍යාගශීලිව ඔවුන්ට ප්‍රතිචාර දැක්විය යුතු බවත්ය. දුගීන්ට දීමෙන් ස්වර්ගයෙහි අපට අසීමිත වස්තුවක් ලැබෙන බව යේසුස්වහන්සේ කියන සේක (ලූක් 12:33).

අපගේ ත්‍යාගශීලීත්වය දෙවියන්වහන්සේ හැර අන් අය තේරුම් නොගන්නවා ඇත. එහෙත් අප නොමිළේ දෙන විට අප අවට සිටින අයගේ අවශ්‍යතා සැපිරෙනවා පමණක් නොව දෙවියන්වහන්සේ අපට දීමට බලාපොරොත්තු වන සතුටද අප අත්දකිනවා ඇත. ස්වාමිනී, විවෘත දෑසක් සහ විවෘත දෑත් ඇතිව සිටින්න අපට උපකාර වන්න.