“අපි යා යුතුයි. ඉක්මණින් යමු”. 1993 “ජුරාසික් පාර්ක්” නැමැති චිත්‍රපටියෙහි ආචාර්ය ඉයන් මැල්කම් කියන්නේ එසේය. එම චරිතය රඟපෑවේ ජෙෆ් ගෝල්ඩ්බම් විසිනි. ඔවුන්ව එළවා ගෙන එන ටයිනෝසරස්ලාගෙන් ඔව්හු පලා යන්නේ ජීප් රථයක නැගීය. රියැදුරු පසුපස පෙනෙන කණ්නාඩියෙන් බලන විට ඔහු දකින්නේ එහි ලියා ඇති “කණ්නාඩියෙන් පෙනෙන දේ පෙනනවාට වඩා ළඟය” යන වැකි කඩ අසලම ඇති දරුණු සත්වයාගේ හකුතලයි.

එම දර්ශනය ත්‍රාසයේ සහ හාස්‍යයේ විශිෂ්ඨ නිර්මාණයකි. නමුත් සමහර විට අපගේ අතීතයේ “මකරුන්” අපව එළවීම නතර කරන බවක් අපට නොපෙනේ. අපි අපගේ ජීවිත කණ්නාඩිය දෙස බලමු. අපගේ වැරදි අපට ඉලිප්පී පෙනී ලැජ්ජාවෙන් සහ දොස් තැබීමෙන් ඒවා අපව ගිල ගැනීමට තැත් කරති.

අපෝස්තළු පාවුල් අතීතය අකර්මණය කිරීමට හැකි බලය දැන සිටියේය. ඔහු වසර ගණනාවක් ක්‍රිස්තුස්වහන්සේගෙන් තොරව සම්පූර්ණ ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළේය. කිතුණුවන්ට පීඩාද කලේය (පිලිප්පි 3:1-9). ඔහුගේ පසුගියාව ගැන දුක්වෙමින් ඔහු සිටියේ නම් ඔහු අකර්මණ්‍ය වීමට තිබුණි.

නමුත් පාවුල් තමන් සහ ක්‍රිස්තුස්වහන්සේ අතර සම්බන්ධතාවයෙහි අලංකාරය සහ බලය දිටීය. ඔහුගේ පරණ ජීවිතය අත් හැරීමට එය බලපෑමක් විය (8-9 පද). එය අතීතය දෙස බියෙන් සහ පසුතැවිල්ලෙන් නොබලා ඉදිරිය ගැන ඇදහිල්ලෙන් බැලීමට යොමු කළේය. “එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්,  දිනුම්පළ කරා දුවමි” (13-14 පද).

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ මිදීම ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට අපව නිදහස් කර ඇත . “අපගේ කණ්නාඩියේ ඇති දේවල්” වලට අපි යන මාර්ගය පාලනය කිරීමට අප ඉඩ දිය යුතු නැත.