තරුණ ස්ත්‍රීයකගේ සමේ වර්ණය අඩුවන විට ඇය බිය වූවාය. තමා නැතිවී ගෙන යන බවත් එනම් තමන්ට තමන්ව නැතිවන බවක් ඇයට දැණුනි. ඇයම පවසන පරිදි “මගේ තිත්” වසා ගැනීමට ඇය බොහෝ වර්ණ ආලේප කළාය. එම සමේ වර්ණය අඩුවීම චර්ම රෝගයකි. එම රෝගය නිසා සමට වර්ණය ගෙන එන මෙලනින් නැතිවී යයි.

එක් දිනක් ඇය තමාගෙන්ම අසාගත්තේ “මා මෙය සඟවන්නේ ඇයි?” කියාය. තමාව පිළිගැනීමට ඇය දෙවියන්වහන්සේගේ ශක්තිය මත රැඳිණි. ඇය දැඩි ආලේපන නැවැත්වූවාය. කෙමෙන් ඇය තම අභ්‍යන්තර විශ්වාසය වැඩි කර ගැනීමට අවධානය යොමු කළාය. ටික කලකින් ඇය ගෝලීය ආලේපන සමාගමක සුදු කබර රෝගයෙන් පෙළුණු ප්‍රථම නිවේදිකාව වූවාය.

එය “විශාල ආශිර්වාදයක්” යයි ඇය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කීවාය. තම ඇදහිල්ලද පවුලේ අය සහ මිතුරන් තුළින්ද ඇය ධෛර්යය ලබන බව ඇය පැවසුවාය.

මේ ස්ත්‍රීයගේ කථාව අපට ආරාධනා කරන්නේ අප සියලු දෙනා දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා තිබෙන බව මතක් කර ගැනීමටය. “දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක” (උත්පත්ති 1:27). අපගේ පිටතින් අප කෙලෙස පෙණනුද අප සියලු දෙනා දෙවියන්වහන්සේගේ ස්වරූප දරන්නෝ වෙමු. ඒ උන්වහන්සේ මැවූ අය ලෙස අපි උන්වහන්සේගේ මහිමය පරාවර්ථනය කරන්නෙමු. එසේම යේසුස්වහන්සේගේ අනුගාමිකයන් මෙන් උන්වහන්සේව මෙලොවදී නියෝජනය කිරීමට අපව වෙනස් කර තිබේ.

ඔබට තිබෙන චර්මයට ප්‍රේම කිරීම ඔබට ගැටළුවක්ද? කණ්නාඩිය බලා දෙවියන්වහන්සේ වෙනුවෙන් සිනහ වන්න. උන්වහන්සේ තම ස්වරූපයෙන් ඔබව මැවු සේක.