මා විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයෙහි මාගේ ග්‍රීෂ්ම සෘතුව ගෙවී ගියේ කොලරාඩෝහි අලංකාර කදුවැටියක වූ ගොවිපළකය. අමුත්තන් නිදා ගෙන සිටිද්දී ලැව් ගිනි වලින් ඔවුන් බේරා ගැනීම සඳහා කාර්ය මණ්ඩල සේවකයින් මාරුවෙන් මාරුවට රාත්‍රී මුර සඳහා යොදවන ලදී. මුලින් වෙහෙසකාරී ලෙස දැනුණද දෙවියන්වහන්සේගේ තේජස් අභිමුඛයේ නිශ්චලව මෙනෙහි කිරීමට සහ සහනය ලබා ගැනීමට එය හොඳ අවස්ථාවක් විය.

දාවිත් රජු තමාගේ යහනේ සිටත් තමාගේ රාත්‍රී නිදි වර්ජිත කම තුළ සිටත් දෙවියන්වහන්සේගේ අභිමුඛය සෙවීය. ඔහු ඊට පිපාසිත විය (ගීතාවලිය 63:1). ගීතිකාව පැහැදිළි කරන්නේ දාවිත් කරදරවී සිටි බවය. එහි වචන පරාවර්තනය කරන්නේ ඔහුගේ පුත් අබ්සලොම්ගේ කැරැල්ල නිසා ඇතිවු ගැඹුරු වේදනාව විය හැකිය. නමුත් රාත්‍රීය දාවිත්ට උපකාර වීමටත් දෙවියන්වහන්සේගේ පියාපත් සෙවණේ ප්‍රතිෂ්ඨාපනය වීමටත් කාලයක් ගෙන දුන්නේය (7 වන පදය). ඒ උන්වහන්සේගේ බලය සහ අභිමුඛය තුළය.

සමහර විට ඔබගේ ජීවිතයේ යම් ගැටළුවක් තුළින් හෝ අසීරුතාවයක් තුළින් හෝ ඔබ යනවා විය හැකිය. ඔබගේ රාත්‍රී යාමයන් කිසි සහනයක් නොදෙනවා විය හැකිය. සමහර විට ඔබගේ “අබ්සලොම්” ඔබගේ සිතෙහි සහ ආත්මයෙහි විශාල බරක්ව තිබෙනවා විය හැකිය. මේ නිදි වර්ජිත කාලයන් දෙවියන්වහන්සේට මොර ගැසීමටත් උන්වහන්සේ මත රැඳීමටත් කාලයක් කර ගන්න. උන්හන්සේගේ ප්‍රේමණීය හස්තයට ඔබව එසවීමට ඉඩ දෙන්න (8 පදය).