ඩාර්නල් භෞතික චිකිත්සකගේ කාර්යාලයට ඇතුල් වූයේ ඔහුට විශාල වේදනාවක් දරන්න සිදුවන බව අවබෝධ කර ගෙනය. ඔහුගේ තුවාලයෙන් පසු මාස ගණනාවකට නොනවා තිබූ ඔහුගේ අත චිකිත්සක දිගහැර නැවීය. තත්පර කිහිපයක් එම ස්ථානවල අත තිබෙන්න හැර ඇය ඔහුට කීවේ “හරි දැන් විවේකීව ඉන්න” කියාය. චිකිත්සාවට ගිය සෑම වතාවකම අඩු තරමින් පනස් වතාවක්වත් “හරි දැන් විවේක ගන්න” යන වැකිකඩ මම අසා ඇත්තෙමි.

ඒ වචන ගැන සිතමින් ඔහු කල්පනා කළේ එම වචන ඔහුගේ ජීවිතයේ අනෙකුත් ක්‍ෂේත්‍රවලටද අදාළ කර ගත හැකි බවය. කණස්සලු වෙනවා වෙනුවට දෙවියන්වහන්සේගේ යහපත්කමෙහි සහ විශ්වාසවන්තකමෙහි විවේකීව සිටීමට ඔහුට පුළුවන.

යේසුස්වහන්සේ තම මරණයට සමීපවූ විට තම ගෝලයන් මෙය දැනගත යුතු බව දැන සිටි සේක. ඉක්මණින්ම ඔවුන් පීඩාවන්ට සහ කෝලහාලයන්ට අවතීර්ණ වන බව උන්වහන්සේ දැන සිටි සේක. ඔවුන් දිරිමත් කරන පිණිස ශුද්ධාත්මයාණන් එවන බවත් උන්වහන්සේ ඔවුන් සමග ජීවත් වන බවත් උන්වහන්සේ තමන් කී දේවල් මතක් කරන බවත් යේසුස්වහන්සේ කී සේක (යොහන් 14:26). එසේ හෙයින් “නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. … නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න” (27 පදය) යයි කීමට උන්වහන්සේට හැකිවූ සේක.

අපගේ දෛනික ජීවිතයේ අපව සිරකර තබන බොහෝ දේවල් තිබිය හැකිය. නමුත් උන්වහන්සේගේ ආත්මය අප තුළ ඇති බව මතක් කර ගෙන අපට දෙවියන්වහන්සේ පිළිබඳ විශ්වාසයක් වර්ධනය කර ගත හැකිය. උන්වහන්සේ අපට සමාදානය දෙන සේක. අප උන්වහන්සේගේ ශක්තිය උරා ගන්නා විට අපට භෞතික චිකිත්සකගේ වචන උන්වහන්සේ තුළින් අසන්න හැකි වනු ඇත : “හරි! දැන් විවේක ගන්න”.