ජෝන් සහ මේරි තම බල්ලා සමග වත්තේ ඇවිදින විට වැස්සට මතුවී තිබූ මලකඩ ටින් එකක් පයේ පැටලුණි. ඔව්හු එය නිවසට ගෙන ගොස් ඇර බැලූහ. වසර 100 කට වඩා පැරණි රන් කාසි එහි අඩංගුව තිබුණි. යුවළ නැවත එතැනට ගොස් බැලූ විට එවැනි කාසි 1427 ක් අඩංගු ටින් හතක් සොයා ගන්නා ලදී. ඉන්පසුව ඔවුන් තම වස්තුව ආරක්‍ෂාව පිණිස වෙනත් තැනක සඟවා තැබූහ.

එම කාසි තොගය ඩොලර් මිලියන 10 ක වටිනාකමෙන් යුක්ත විය. එය සැඩල් රිජ් වස්තුව ලෙස හැඳින්වේ. එක්සත් ජනපද ඉතිහාසයේ එවැනි වර්ගයේ විශාලම සොයා ගැනීම එයයි. එම කථාව යේසුස්වහන්සේ කී උපමා කථාවකට සමානකම් කියයි. “කෙතෙහි සඟවා තිබුණු වස්තුවකට ස්වර්ගරාජ්‍යය සමානය; මනුෂ්‍යයෙකුට ඒක සම්බවිය; ඔහු ඒක සඟවාතබා, ඒ ගැන සන්තෝෂයෙන් ගොස්, තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගන්නේය” (මතෙව් 13:44).

වළලා ඇති වස්තුව ගැන සිතුවිලි වසර සිය ගණනක් තිස්සේ මිනිසුන් උනන්දු කර ඇත. නමුත් එවැනි සොයා ගැනීම් වන්නේ ඉඳහිටය. එසේ වුවත් යේසුස්වහන්සේ පවසන්නේ තම පාප කියාදී උන්වහන්සේ පිළිගෙන අනුගමණය කරන අපට ලැබෙන වස්තුවක් ගැනය (යොහන් 1:12).

ඒ වස්තුව කවදාවත් අවසන් වන්නේ නැත. අපි අපගේ පරණ ජීවිත අත්හැර දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ අරමුණු පසුපස යන විට අපට උන්වහන්සේගේ වටිනාකම හමුවේ. “රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත … පෙන්වන පිණිසය” (එපීස 2:7). දෙවියන්වහන්සේ අප සිතනවාටත් වඩා එහා යන වස්තුවක් අපට දෙන සේක. උන්වහන්සේගේ පුත්‍රයන් සහ දියණියන් ලෙස නව ජීවිතයක්ද පොළොවේ නව ඉලක්කයක්ද එසේම සදාකාලයේ උන්වහන්සේ සමග මැණිය නොහැකි ප්‍රීතියක්ද වන්නේය.