මා මිත්‍ර එරීන්ගේ වළළු කරෙහි බෝලයක් වැදී කොට එකිනෙක වැටෙන ආකාරය දැක්වෙන පරිදි පච්ච කොටා තිබේ. එය මට කුතුහලයක් ඇති කළේය. සාරා ග්‍රෝව්ගේ ගීතයක් වන “කොට නැවත තැබීම” යන්නෙහි භාවිතා කර තිබු වචන මාලාව නිසා අසන්නෝ නැවත නැවත දේවල් කිරීමෙන් සතුට ලබා ගත්හ. කොට නැවත නැවත කෙළින් අතට තැබූ පසු තව අයෙක් එය වට්ටවන්නේය.

රෙදි සේදීම, ඉවීම, තණකොළ කැපීම වැනි ජීවිතයේ වරක් අවසන් කළ දේවල් නැවත නැවත කළ යුතු දේවල් වලින් පිරී ඇත. මෙය අරගලයක් පමණක් නොවේ. මෙය පරණ ගිවිසුමේ දේශනාකාරයාගේ පොතෙහි යමෙක් කරන පොරබැදීමක පැරණි අසහනයකි. පොත ආරම්භ වන්නේ දෛනික මනුෂ්‍ය ජීවිතයේ නොකඩවා කෙරෙන වැඩ ගැන ලේඛකගේ දොස් කීම් වලිනි. ඔහු ඒවා නිශ්ඵල යැයි කියයි (1:2-3). ඒවායෙහි අර්ථයක් නැත. ඊට හේතුව මතු ඇතිවන්නේ තිබුණු දේමය. කරන්ට තිබෙන්නේ කළාවූ දෙයමය (9 පදය) නිසාය.

එහෙත් මාගේ මිත්‍රයා මෙන් ලේඛකයා යම් ප්‍රීතියක් ලබන්නේ අප ලබන අවසන් පරිපූර්ණත්වය ගැන සිතමිනි. ඒ “දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන විටය” (12:13). සාමාන්‍ය නීරස ලෙස පෙනෙන ජීවිතයේ කොටස්වලට අප දක්වන විශ්වාසවන්තකමට දෙවියන්වහන්සේ ප්‍රතිඵල දෙන බව දැනීම සහනයකි (14 පදය).

ඔබ නැවත නැවත සිටවන “කොට” මොනවාද? එවැනි කර්තව්‍යයක් වෙහෙසකාරී යයි දැනෙන විට ප්‍රේමයේ පූජාවක් ලෙස ඒ එක් එක් කාර්යය දෙවියන්වහන්සේට භාර කරමු.