හැට දෙහැවිරිදි විශ්‍රාමිකයෙකු වන ස්ටීව් වසර පුරාම රාත්‍රියේ එළිමහනේ නිදා ගැනීමේදී බාධාවක් නොවන වියළි කාලගුණයක් පවතින පළාතකට ගියේය. එක් සන්ධ්‍යාවක මුදල් ටිකක් සොයා ගැනීම පිණිස ඔහු චිත්‍ර අඳිමින් සිටියේය. හදිසියේම තරුණියක් පිට්සා කැබලි කිහිපයක් ඔහුට පිළිගැන්වූවාය. ස්ටීව් ස්තුති පූර්වකව එය භාර ගත්තේය. ටික වේලාවකින් ස්ටීව් එය නිවාසයක් නොමැති සාගින්නේ සිටි තවත් කෙනෙකු සමග බෙදා ගත්තේය. එවිට එම තරුණියම නැවත පැමිණ ඔහුට තවත් ආහාර පිඟානක් දුන්නේය. ඔහුට ලැබුණු දෙය බෙදා ගැනීම ගැන ඇය සතුට ප්‍රකාශ කළාය.

ස්ටීව්ගේ කථාව හිතෝපදේශ 11:25 හි ප්‍රතිපත්තිය පෙන්නුම් කරයි. අප අන් අය සමග ත්‍යාගශීලි වන විට අපද ත්‍යාගීලිත්වය අත්දකිනු ඇත. නමුත් අප දිය යුත්තේ යමක් බලාපොරොත්තුවෙන් නොවේ. ස්ටීව්ට මෙන් අපගේ ත්‍යාගශිලිත්වයට ඉක්මණින් සහ පැහැදිළිව ප්‍රතිඵල ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් අපි අන් අයට උපකාර කරන්නේ දෙවියන්වහන්සේ අපට එසේ කිරීමට කියා තිබෙන නිසාය (පිලිප්පි 2:3-4; 1 යොහන් 3:17). අප එසේ කරන විට දෙවියන්වහන්සේ ප්‍රසන්න වන සේක. උන්වහන්සේ අපගේ පසුම්බි සහ ආමාශ පිරවීමට බැඳී නොසිටියද අපට නැවුම්භාවයකින් දීමට උන්වහන්සේ මාර්ගයක් විවෘත කරන සේක. සමහර විට ද්‍රව්‍යාත්මකවය. තවත් සමහර විට ආත්මිකවය.

ස්ටීව් තම දෙවන ආහාර පිඟානද විවෘත දෑතකින් සහ සිනහවකින් බෙදා ගත්තේය. ඔහුට මූලාශ අවම වුවද ත්‍යාගශීලිත්වයෙන් ජීවත්වීම සහ අපටම කියා ගොඩකර තබා නොගෙන අපට ඇති දෙය අන් අය සමග බෙදා ගැනීම පිළිබඳව ඔහු ආදර්ශයක් විය. දෙවියන්වහන්සේ අපට මග පෙන්වා බලගන්වන ලෙස අප ගැනද ජනතාව එසේ කියාවා!