“නිව්ස් බෝයිස්” නැමති හිටපු ගායක කණ්ඩායමේ පීටර් ෆර්ලර් නම් ප්‍රධාන ගායකයා “උන්වහන්සේ රජ කරන සේක” යන ගීතය ගායනා කිරීම ගැන විස්තර කරන්නේය. එය විවිධ ගෝත්‍ර සහ ජාතීන්ගෙන් පැමිණි ඇදහිලිවතුන් එක්සත්වී දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේ අලංකාර චිත්‍රයක් නිර්මාණය කරයි. නිව්ස් බෝයිස් කණ්ඩායම මෙම ගීතය ගායනා කරන සෑම විටම ඇදහිලිවතුන් අතරෙහි ශුද්ධාත්මයාණන්ගේ හැසිරීම ෆර්ලර්ට හැඟුණු බව ඔහු ප්‍රකාශ කළේය.

“උන්වහන්සේ රජ කරන සේක” යන ගායනය පිළිබඳ අත්දැකීම ගැන ෆර්ලර්ගේ විස්තරය යෙරුසලමට පෙන්තකොස්ත දිනයේ රැස්වූ සෙනග ගැන අනුනාදයක් වැනිය. ගෝලයන් ශුද්ධාත්මයෙන් පිරුණේ එහිදීය (ක්‍රියා 2:4). ඉන්පසු එතෙක් නොදුටු කාරණා සිදුවීම ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු ජාතීන්ට අයත් යුදෙව්වෝ ව්‍යාකූලත්වයට පත්වූහ. මක්නිසාදයත් ඔවුන්ට ඇසුණේ දෙවියන්වහන්සේගේ ආශ්චර්යයන් දක්වන පිණිස ගෝලයන් තමන්ගේම භාෂාවෙන් කථා කරනවා ඔවුන්ට ඇසුණි (5-6 සහ 11 පද). පේත්‍රෑස් සෙනගට විස්තර කළේ පරණ ගිවිසුමේ අනාවැකියක් වන “මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි” යන්න ඉෂ්ට වීමක් ලෙසයි (17 පදය).

මේ දෙවියන්වහන්සේගේ බලයෙහි විශ්මිත ප්‍රදර්ශණය පේත්‍රෑස්ගේ ශුභාරංචි ප්‍රකාශ පිළිගැනීමට සෙනග පෙළඹවීය. එම දවසෙහි පමණක් හැරුණවුන් තුන්දහසක් (41 පදය) පමණ විය. මේ ප්‍රාසාංගික ආරම්භය සමග ඇදහිලිවතුන් ලෝකයේ ඔවුන්ගේ ස්ථානවලට ගියේ ශුභාරංචියද රැගෙනය.

අදද ශුභාරංචිය එලෙස දෝංකාර දෙන්නේය. ඒ සියලු සෙනගට දෙවියන්වහන්සේගේ පණිවුඩයේ බලාපොරොත්තුවයි. අපි එකතු වී දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන විට උන්වහන්සේගේ ආත්මය අප අතර ක්‍රියා කර මනහර එක්සත්කමකින් සියලු ජාතීන් එකතු කරන්නේය. උන්වහන්සේ රජ කරන සේක.