ආසියාවේ ගමන් කරන අතර මාගේ අයිපැඩය (එහි මාගේ කියවන ද්‍රව්‍ය සහ බොහෝ ලියවිලි) අකර්මණ්‍ය විය. එයට පරිඝණක බසින් “අඳුරු තිර මරණය” යයි කියැවේ. මට පරිඝණක අලුත්වැඩියා කරන ස්ථානයක් හමුවිය. නමුත් එහිදී තවත් ගැටළුවක් ඉස්මතු විය. මම චීන භාෂාව කථා නොකරමි. එහි සේවකයා ඉංග්‍රීසි කථා නොකරයි. විසඳුම. ඔහු පරිඝණක මෘදුකාංගයක් සොයා ගත්තේය. ඔහු චීන භාෂාවෙන් යතුරු ලියන විට මට එය ඉංග්‍රීසියෙන් කියවිය හැකිවේ. මම ඉංග්‍රීසියෙන් ලියන විට ඔහුට චීන භාෂාවෙන් කියවිය හැකි විය. එම මෘදුකාංගය අපට වෙනත් භාෂාවලින් වුවද පැහැදිළිව සංනිවේදනය කිරීමට ඉඩ හැරියේය.

සමහර විට මාගේ ස්වර්ගීය පියාණන් සමග සංනිවේදනය කරන විට මාගේ සිතෙහි ඇති දේවල් කියා ගැනීමට බැරිවේ යයි මට හැඟේ. නමුත් මට පමණක් එය සීමාවුවක් නොවේ. අපි බොහෝ දෙනෙක් යාච්ඤාව සමග පොර බදිමු. නමුත් අපෝස්තලු පාවුල් ලීවේ “ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක. ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.” (රෝම 8:26-27).

ශුද්ධාත්මයාණන්ගේ දීමනාව කෙතරම් විශ්මිතද? පරිඝණක වැඩ සටහන්වලට වඩා එය හොඳය. පියාණන්ගේ අරමුණු අනුව උන්වහන්සේ මාගේ සිතුවිලි සහ අශා පැහැදිළිව ඉදිරිපත් කරන සේක. ආත්මයාණන්ගේ ක්‍රියා යාච්ඤා ක්‍රියාත්මක කරයි.