“ඇට කෝටු, ඇට කෝටු” පිරිමි දරුවෙක් මට විහිළු කළේය. “කෝටුව” තව අයෙක් තාලයට කීයන්නේය. ප්‍රතිචාර ලෙස “කෝටු සහ ගල් මගේ කටු කඩනු ඇත. නමුත් වචන මා තුවාල කරන්නේ නැත” කියා මට කිව හැකිව තිබුණි. නමුත් කුඩා ගැහැණු දරුවෙකු ලෙසද එම ජනප්‍රිය ගීතය සත්‍යය නොවන බව මම දැන සිටියෙමි. අකරුණාවන්ත වචන තුවාල කරයි. සමහර විට ඉතා නරක ලෙසය. සමහර විට ගලකින් හෝ පොල්ලකින් වන තුවාලයට වඩා වැඩි කාලයක් පවතින ගැඹුරු ඒවා ලෙසය.

නොසිතා දොඩන වචනවල දරුණු බව අනිවාර්යයෙන් හන්නා දැන සිටියාය. ඇයගේ ස්වාමිපුරුෂයා වන එල්කානා ඇයට ප්‍රේම කළේය. නමුත් ඇයට දරුවන් නොවීය. එහෙත් එල්කානාගේ දෙවන භාර්යයාවට බොහෝ දරුවන් සිටියාය. දරුවන් ලැබීම මත ස්ත්‍රීයකගේ වටිනාකම තීරණය වූ සංස්කෘතියක පෙනින්නා දරුවන් නැති කම නිසා හන්නාව කෝපයට පත් කළාය. හන්නා කෑම නොකා හඬන තෙක් ඇය දිගටම එසේ කළාය (1 සාමුවෙල් 1:6-7).

සමහර විට එල්කානා හොඳ හිතකින් එසේ කිවා විය හැකිය. නමුත් ඔහු නොසිතා දුන් ප්‍රතිචාරයෙන් එනම් “නුඹ අඬන්නේ මන්ද?….. මා පුත්‍රයන් දස දෙනෙකුට වඩා නුඹට හොඳ නැද්ද?” යන්නෙන් ඇය තවත් තුවාල වන්න ඇති.

හන්නා මෙන් අපගෙන් බොහෝ දෙනෙකු කුරිරු වචන නිසා භ්‍රමණය වෙමින් සිටිනවා විය හැකිය. එසේම අපගෙන් සමහරු අපගේ තුවාල වල ප්‍රතිඵලයක් ලෙස අන් අයව අපගේ වචන වලින් තුවාල කරන්න ඇති. නමුත් අප සියලු දෙනාට ශක්තිය සහ සුවය ඉල්ලා අපගේ ප්‍රේමණීය සානුකම්පිත දෙවියන්වහන්සේ වෙත අපට දිව යා හැකිය (ගීතාවලිය 27:5, 12-14). උන්වහන්සේ ප්‍රේමයේ සහ අනුග්‍රහයේ වචන වලින් අපට කථා කරමින් අප ගැන ප්‍රේමයෙන් ප්‍රීති වන සේක.