“තාත්තේ වෙලාව කීයද?” පිටිපස අසුනේ සිටි මගේ පුතා ඇසීය. “5.30” යි. ඔහු එවිට කියන දෙය මම හරියට දැන සිටියෙමි. “හරියටම 5.28 යි”. ඔහුගේ මුහුණ ආලෝකමත් වන ආකාරය මම බලා සිටියෙමි. “මං දිනුවා” කියා ඔහුගේ දීප්තිමත් සිනහව පැවසිය. මටද ප්‍රීතියක් දැණුනි. ඒ මාපියෙකු පමණක් දන්නා ලෙසට ඔබගේ දරුවා ගැන දැන ගැනීමෙන් ලැබෙන සතුටකි.

අවධානයෙන් සිටින සෑම මාපියෙකු ලෙසම මාගේ දරුවන් ගැන මම දනිමි. ඔවුන්ව අවදිකරන විට ඔවුන් දක්වන ප්‍රතිචාරය මම දනිමි. ඔවුන්ගේ දිවා ආහාරයට ඕනෑ දේවල් මම දනිමි. ඔවුන්ගේ කිව නොහැකි තරම් උනන්දු, ආශා සහ රුචි අරුචිකම් මම දනිමි.

නමුත් ස්වාමින්වහන්සේ ඔවුන්ව දන්නා ලෙසට මම ඔවුන්ව ඇතුලාන්තයේ සිට පිටතට සම්පූර්ණයෙන්ම දන්නේ නැත.

යොහන් 1 හි යේසුස්වහන්සේට තම සෙනග ගැන ඇති සමීප අවබෝධය අපි දකිමු. පිලිප්ගේ ආයාචනය නිසා නතානියෙල් උන්වහන්සේ වෙත පැමිණෙන විට යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ “මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැත” (47 පදය) කියාය. ඊට මවිතව නතානියෙල් ප්‍රතිචාර දැක්වූයේ
“ඔබ මා අඳුනන්නේ කොහොමද?” කියාය. අභිරහසක් ලෙසට යේසුස්වහන්සේ පැවසුවේ අත්තික්කා ගස යටදී තමන්වහන්සේ ඔහුව දුටු බවයි (48 පදය).

ඒ විස්තරය යේසුස්වහන්සේ අනාවරණය කළේ ඇයි දැයි අපි නොදනිමු. නමුත් නතානියෙල් දැන සිටි බවක් පෙනේ. ඔහු ප්‍රතිචාර දැක්වූයේ “බ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය;” (49පදය) යයි කියමිනි.

සමීපව, පූර්ණ ලෙස සහ සම්පූර්ණයෙන්ද අපව දැන ගැනීමට අප ආශාවන පරිද්දෙන්ද යේසුස්වහන්සේ අප එකිනෙකාව එලෙස දන්නා සේක. උන්වහන්සේ අපව සම්පූර්ණයෙන් පිළිගන්නා සේක. උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ උන්වහන්සේගේ අනුගාමිකයන් වීමට පමණක් නොව උන්වහන්සේගේ ප්‍රිය මිතුරන්ද වීමටය (යොහන් 15:15).