මාගේ එක් මිතුරියක් එනම් මාගේ අනුශාසිකාව කඩදාසියක් ගෙන කෝටු චිත්‍රයක් ඇන්දාය. ඇය එය පුද්ගලික ජීවිතය යැයි නම් කළාය. ඉන්පසු එය වටා ඇය අඟල් භාගයක් විශාල තව රූපයක් ඇන්දාය. ඇය එයට පොදු ජීවිතය යැයි නම් කළාය. පුද්ගලික හා පොදු ජීවිතය අතර ඇති කොටස විනිවිද භාවය නියෝජනය කරයි.

මෙම පාඩම දෙස බලා මම මෙසේ කල්පනා කළෙමි. පොදු ස්ථානවල සිටින මමම පුද්ගලිකව ඉන්නවාද? මම අවංකද?

යේසුස්වහන්සේ මෙන් වීම සඳහා ප්‍රේමය සහ විනය එකට ගෙත්තම් කරමින් පාවුල් කොරින්ති සභාවට ලිපි යැවීය. ඔහු එම ලිපියේ අවසානයට පැමිණෙන විට (2 කොරින්ති) තමා ලිපිවලින් නිර්භීත වුවද පුද්ගලයෙකු ලෙස දුර්වල බවට අභියෝග කරන චෝදනාකාරයන්ට ඔහු අභියෝග කළේය (10:10). මේ විවේචකයින් වෘත්තියමය කථිකත්වය භාවිතා කළේ තම අසන්නන්ගෙන් මුදල් ලබා ගැනීමටය. පාවුල්ටද අධ්‍යාපනික හැකියාව තිබුණද ඔහු කථා කළේ සරලව සහ පැහැදිලිවය. “මාගේ කථාවත් මාගේ දේශනාකිරීමත් ප්‍රඥාවේ සිත් පොළඹවන්නාවූ වචනවලින් නොව ආත්මයාණන්වහන්සේගේද බලයේ ප්‍රකාශකිරීමෙන් විය” (1 කොරින්ති 2:4). ඔහුගේ දෙවන ලිපිය ඔහුගේ විනිවිද භාවය එළිදරව් කළේය. “අපි ඈත්ව සිටින කල ලියුම්වල වචනවලින් යම් ආකාරව සිටිමුද ළඟ සිටින කල ක්‍රියාවෙනුත් එසේමයයි එබඳු අය තේරුම්ගනීවා” (2 කොරින්ති 10:11) යනුවෙනි.

පුද්ගලික සහ පොදු ස්ථානවල සිටින එකම පුද්ගලයා තමා ලෙසට පාවුල් තමාව ඉදිරිපත් කළේය. අපි කෙසේද?