ඈන් ෂීෆ් මිලර් වයස අවුරුදු 90 ක්ව 1999 දී මිය ගියද, ඇය 1942 දී මිය යෑමට ඉතා ආසන්නව සිටියාය. ගර්භයේම දරුවා මිය යෑම නිසා ඇයට “සෙප්ටිසීමියා” නැමැති රෝගය වැළඳිණි. සියලු ප්‍රතිකර්ම නිෂ්ඵල විය. එම වාට්ටුවේ සිටි වෙනත් රෝගියෙකු තමා දන්නා විශේෂඥයෙකු පුදුමාකාර ඖෂධයක් සොයා ගෙන ඇති බව ප්‍රකාශ කළ විට ඈන්ගේ වෛද්‍යවරයා ඉන් බිඳක් ඈන් වෙනුවෙන් නිකුත් කරන මෙන් රජයෙන් ආයාචනා කළේය. එක් දිනකින් ඇයගේ උණ තත්ත්වය සාමාන්‍ය අතට හැරුණි. පෙනිසිලීන් ඈන්ගේ ජීවිතය බේරුවේය.

පාපයට වැටීමේ සිට,සියලු සෙනග පාපයෙන් ඇතිවූ ආත්මික තත්ත්වයක් අත් දකිති (රෝම 5:12). යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීමත් ශුද්ධාත්ම බලයත් පමණක් සුවවීමේ හැකියාව අපට දී ඇත්තේය (රෝම 8:1-2). මේ පොළොවේ බහුල ජීවිතය සහ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ සදාකාල ජීවිතයත් භුක්ති විඳීමට ශුද්ධාත්මයාණෝ අපට හැකියාව දී තිබේ (3-10 පද). “ යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක” (11 පදය).

ඔබගේ පව්කාර ස්වභාවය ඔබගේ ජීවය උරා බීමට ඔබට තර්ජනය කරන විට ඔබගේ ගැළවීමේ මූලාශ්‍රය වන යේසුස්වහන්සේ දෙස බලන්න. උන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ශක්තිමත් වන්න (11-17 පද). “ආත්මයාණන්වහන්සේ අපගේ දුර්වලකම් වලදී අපට උපකාර කරන සේක”. එසේම “දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන්ට උපකාර කරන සේක” (26-27 ) පද.