අපගේ සභාවේ සය දෙනෙකු ජීවත්වූ නිවසක් ගින්නෙන් විනාශ විය. පියා සහ පුත්‍රයා මිය නොගියද (පියා තවමත් රෝහල්ගතව සිටී) භාර්යයාව ඔහුගේ මව සහ කුඩා දරුවන් දෙදෙනා ගින්නෙන් මිය ගියෝය. මෙවැනි සිත් කඩා බිඳ දමන කාරණා නැවත නැවත කල්පනා කරන විට ඉතා පැරණි ප්‍රශ්නයක් වන “හොඳ අයට නරක දේවල් සිදුවන්නේ ඇයි?” යන්න මතුවේ. එයට අළුත් උත්තර නැති කමද අපව මවිත කරවන්නේ නැත.

ගීතාවලිය 46 දැක්වෙන සත්‍යය නැවත නැවත කියවී නැවත නැවත ග්‍රහණය කර ගෙන තිබේ. “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය” (1 පදය). 2 සහ 3 පද වල විස්තර කර ඇති කාරණා ඛේදජනකය. පොළොව සහ කඳු සෙළවේ. මුහුද බුර බුරා නගී. මෙහි චිත්‍රවත් කරන කුණාටුව මධ්‍යයෙහි අප සිටින බව සිතන විට අපි වෙව්ලන්නෙමු. සමහර විට අපි එවැනි ස්ථානවලට පත්වන්නෙමු. ඒ මරණීය රෝගයක දැඩි ග්‍රහණයක සිටින විට, මූල්‍ය අර්බූදයකින් එහේ මෙහේ විසිවන විට, ප්‍රේමණීයයන්ගේ වියෝවෙන් සසල වන විට යනාදියයි.

කරදර ඇත්තේ දෙවියන්වහන්සේ නැති නිසා බව තර්ක කිරීම පරීක්‍ෂාවකි. නමුත් දේව වචනයෙහි සත්‍යය එවැනි මත වලට එරෙහි වේ. “සේනාවල ස්වාමින්වහන්සේ අප සමගය. යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය” (7, 11 පද). එවැනි අවස්ථාවන් දරා ගැනීමට නොහැකිවන විටද උන්වහන්සේ අප සමගය.