නාට්‍යාංගනා චිත්‍ර ගැන ප්‍රංශ ජාතික කලාකරුවෙකු වන එඩ්ගාර් ඩිගාස් ප්‍රසිද්ධය. නමුත් ඔහු එඩුආඩ් මානෙට්ට දැක්වූ ඊර්ෂ්‍යාව එතරම් ප්‍රසිද්ධ නැත. එඩ්වඩ් මානෙට් විශිෂ්ඨ ගණයේ කලාකරුවෙකි. ඩිගාස් මානෙට් ගැන කියා ඇත්තේ “ඔහු යමක් එක පාර අඳිනවා. නමුත් මම බොහෝ වීර්යය කරනවා. එහෙත් හරියාකාරව ඒක වෙන්නේ නැහැ” කියාය.

එය අමුතුම ගුණාංගයකි. ඊර්ෂ්‍යාව – අපෝස්තළු පාවුල් එය දරුණුම ගුණාංග අතර තැබීය. “ඔව්හු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව, ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔව්හු කනට කොඳුරන්නෝව, කේලාම් කියන්නෝව” (රෝම 1:20) සිටී. එය නික්මෙන්නේ අඳුරු සිතිවිලි වලිනි. පාවුල් ලියන්නේ “දෙවියන්වහන්සේ වෙනුවට රූප වැඳීමෙන් ඒවා ඇති වන බවය” (28 පදය).

කර්තෘ ක්‍රිස්ටිනා ෆොක්ස් පවසන්නේ ඇදහිලිවතුන් අතර ඊර්ෂ්‍යාව වර්ධනය වන්නේ අපගේ සිත් අපගේ එකම සත්‍ය ප්‍රේමයෙන් වෙනස් වී ඇති නිසාය කියාය. “අප මේ ලෝකයේ අඩු මට්ටමේ විනෝදයන් පසුපස යමු. යේසුස්වහන්සේ නොසොයමු. ප්‍රතිඵලයක් ලෙස අප කාගේදැයි අපට අමතක වී ඇත”.

නමුත් ප්‍රතිකර්මයක් ඇත. දෙවියන්වහන්සේ වෙත හැරෙන්න. “ඔබගේ සෑම කොටසක්ම දෙවියන්වහන්සේට භාර දෙන්න” කියා පාවුල් ලිවීය (රෝම 6:13). විශේෂයෙන් ඔබගේ ජීවිතය සහ ඔබගේ වැඩයි. තවත් ලිපියක පාවුල් ලීවේ “එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසි කෙරේවා. එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ” (ගලාති 6:4) යනුවෙනි.

දෙවියන්වහන්සේගේ ආශිර්වාද නිසා උන්වහන්සේට ස්තුති වේවා. ඒ ද්‍රව්‍යමය දේවල් නිසා පමණක්ම නොව උන්වහන්සේගේ අනුග්‍රහයේ නිදහසටත්ය. දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දීමනාවන් දැක අපට නැවතත් තෘප්තිමත් විය හැකිය.