“ඔහු මාව හොයා ගනියි” මම කල්පනා කළෙමි. මාගේ පස් හැවිරිදි ඥාති සහෝදරයාගේ අඩි පාරවල් සමීපවන විට මාගේ කුඩා හදවත වේගයෙන් ස්පන්දනය වීම ආරම්භ විය. ඔහු ළඟටම එන්නේය. තව පියවර පහක් ඈතය. තුනයි දෙකයි “ඔබව දැක්කා!”

හැංගි මුත්තං! අපි බොහෝ දෙනෙකුට දරුවන් ලෙස ඒ ගැන අනර්ඝ හැඟීම් ඇත. නමුත් ජීවිතයේ සොයා ගැනීමට ලක්වේය යන බිය විනෝදයක් නොවේ. නමුත් එයින් පැන යාම ගැඹුරේ කිඳා බැස ඇත. ඔවුන් දකින දෙය ගැන ජනතාව කැමැත්තක් නොදක්වනු ඇත.

වැටුණාවූ ලෝකයක දරුවන් ලෙස අප සෙල්ලම් කිරීමට කැමති වන්නේ “හැංගි මුත්තංවල මිශ්‍ර ක්‍රීඩාවකි”. ඒ දෙවියන්වහන්සේ සහ අප අතරය. එය බොහෝ විට සැඟවීමට උත්සාහ කිරීමකි. උන්වහන්සේ දකින්නේ නැතැයි පෙන්වීමට අපි ආශා කළත් උන්වහන්සේ අපගේ ව්‍යාකූල සිතුවිලිද වැරදි තීරණද දකින බව අපි දනිමු.

නමුත් දෙවියන්වහන්සේ අපව සෙවීම අත්නාරින සේක. පිටතට එන්නැයි උන්වහන්සේ කියන සේක. “මම නුඹව දකින්න කැමතියි. ඔබගේ ඉතාම ලැජ්ජා සහගත දේ පවා”. “නුඹ කොහේද?” කියා පළමු මිනිසාගෙන් ඇසු එම හඬෙහි දෝංකාරයයි (උත්පත්ති 3:9). එවැනි උණුසුම් ආරාධනයක් තියුණු ප්‍රශ්නයක් මෙන් වචනවලට නැගුණි. “සැඟවී ඉන්න තැනින් පිටතට එන්න මාගේ ආදරණීය දරුව. මා සමග සහභාගීකමට නැවත එන්න”.

එය විශාල අවදානමක් යයි හැඟෙන්න පුළුවන. විපරිත යයිද දැනිය හැකිය. නමුත් දෙවියන්වහන්සේගේ ආරක්‍ෂිත රැකවරණය තුළ අප කළ හෝ කිරීමට අපොහොසත්වූ දේ හෝ කුමක් වුවත් උන්වහන්සේගේ දැනගැන්මට සහ ප්‍රේමයට අප භාජනය විය හැකිය.