මෑතකදී මගේ ආච්චී මා හට පැරණි ඡායාරූප පිරි කවරයක් එව්වාය. මා ඒවා දෙස බලමින් සිටින විට ඉන් එකක් මාගේ ඇසට යොමු විය. එවිට මාගේ වයස අවුරුදු දෙකකි. මම උදුනක් අසළ වාඩිවී සිටිමි. එහි අනෙක් පැත්තෙහි මගේ පියා මවගේ කරට අත දා ගෙන සිටියි. දෙදෙනාම මා දෙස ආදරයෙන් සහ ආශාවෙන් බලා සිටිති.

සෑම උදෑසනකම දැකිය හැකි වන පරිදි මම එය මගේ අල්මාරියේ ගැසුවෙමි. ඔවුන්ගේ ප්‍රේමය ගැන එය මනහර මතක් කිරීමකි. සත්‍යය නම් යහපත් දෙමව්පියන්ගේ ප්‍රේමය වුවද සම්පූර්ණ නැත යන්නයි. මා මෙම ඡායාරූපය තබා ගත්තේ මනුෂ්‍ය ප්‍රේමය සමහර විට අපොහොසත් වුවද දෙවියන්වහන්සේගේ ප්‍රේමය කිසිදා අපොහොසත් නොවන්නේය කියා මතක් කර ගැනීමටය. දේව වචනයට අනුව දෙවියන්වහන්සේ මා දෙස බලා සිටින්නේද මෙම ඡායාරූපයෙහි මාගේ දෙමව්පියන් මා දෙස බලා සිටින්නාක් ලෙසටය.

මෙම ප්‍රේමය ගැන අනාගතවක්තෘ ෂෙපනියාගේ විස්තරය මා මවිත කරන්නේය. දෙවියන්වහන්සේ ගී ගයමින් තම සෙනඟ ගැන ප්‍රීති වන බව ඔහු පවසයි. දෙවියන්වහන්සේගේ සෙනග උන්වහන්සේගේ ප්‍රේමය උපයා ගත්තේ නැත. උන්වහන්සේට කීකරුවීමට හෝ එකිනෙකාට සානුකම්පාවෙන් සැළකීමට හෝ ඔවුන්ට නොහැකි වී තිබේ. නමුත් ෂෙපනියා පොරොන්දු වන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔවුන්ගේ පරාජයන්ට වඩා ඉහළින් ක්‍රියාත්මක වන බවය. දෙවියන්වහන්සේ ඔවුන්ගේ දඬුවම පහකරන සේක (ශෙපනියා 3:15). උන්වහන්සේ ඔවුන් ගැන සතුටු වන සේක (17 පදය). උන්වහන්සේ තම සෙනග තමන්වහන්සේගේ දෑතින් එකතු කර ගෙන ඔවුන්ව නිවසට ගෙන අවුත් ඔවුන්ව ප්‍රතිෂ්ඨාපනය කරන සේක (20 පදය).

එම ප්‍රේමය සෑම උදයකම ආවර්ජනය කිරීම වටින්නේය.