අපගේ එක් පුත්‍රයෙක් වන බ්‍රයන් ද්වීථිය පාසැලක පැසිපන්දු පුහුණුකරුවෙකි. එක් වසරක ඔහුගේ කණ්ඩායම වොෂිංටන් ප්‍රාන්ත කරඟාවලියක නියැලී සිටින අතර තුර ඔහු අවට සිටි සමහරෙකු සත්භාවයෙන් ඇසුවේ “මේ අවුරුද්දේ ඔබ සියලු තරඟ දිනනවාද?” කියාය. ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුට ඉන් පීඩනය දැණුනි. ඒහෙයින් බ්‍රයන් උද්ධෘත පාඨයක් සාදා ගත්තේය. “ප්‍රීතියෙන් ක්‍රීඩා කරමු”.

එපීසයේ වැසියන්ට පාවුල් පැවසූ අවසන් වචන මම මතක් කර ගතිමි. “මාගේ දිවීම ප්‍රීතියෙන් අවසන් කිරීම පිණිස” (ක්‍රියා 20:24). ඔහුගේ ඉලක්කය වූයේ යේසුස්වහන්සේ ඔහුට දුන් කාර්යය අවසන් කිරීමය. මාද මගේ උද්ධෘත පාඨය සහ යාච්ඤාව කර ගෙන ඇති ප්‍රකාශය නම් “මාගේ දිවීම මා ප්‍රීතියෙන් අවසන් කෙරේවා” යන්නය. නැතිනම් බ්‍රයන් පවසන ලෙස “මා ප්‍රීතියෙන් ක්‍රීඩා කෙරේවා” යන්නය. බ්‍රයන්ගේ කණ්ඩායම එම වසරේ ප්‍රාන්ත තරඟාවලිය ජය ගත්තේය.

අසහනකාරී ප්‍රවෘත්ති ලැබීමට, සෞඛ්‍ය ගැටළු, දිනපතා ආතතිය වැනි කෙඳිරීමට හේතු වන දේ අපට තිබිය හැකිය. කෙසේ වෙතත් අප දෙවියන්වහන්සේගෙන් ඉල්ලුවහොත් මේවා වලට ඉහළින් ඇති ප්‍රීතියක් දීමට උන්වහන්සේට පුළුවන. යේසුස්වහන්සේ විසින් “මාගේ ප්‍රීතිය” යයි කිවූ දෙය අපට ලබා ගත හැකිය (යොහන් 15:11).

ප්‍රීතිය යේසුස්වහන්සේගේ ආත්මයේ ඵලයකි (ගලාති 5:22). ඒහෙයින් සෑම උදෑසනකම උන්වහන්සේගෙන් උපකාර ඉල්ලීමට අමතක නොකළ යුතුය. “මා ප්‍රීතියෙන් ක්‍රීඩා කෙරේවා” යයි කර්තෘ රිචඞ් ෆොස්ටර් පැවසුවේය. ඔහු තවදුරටත් කීවේ “යාච්ඤා කිරීම යනු දේවල් වෙනස් කිරීමකි. මෙය විශාල අනුග්‍රහයකි. අපගේ ජීවිත ප්‍රීිතියෙන් යුත් මාර්ගයක් කිරීමට තරම් දෙවියන්වහන්සේ කෙතරම් යහපත්ද! යන්නය.