විශ්වාසවන්ත ස්ත්‍රියකගේ මළ ගෙදරකට ගොස් මා පැමිණියේ සිතේ පූර්ණකමෙනි. ඇයගේ ජීවිතය ප්‍රදර්ශනාත්මක නොවීය. ඇයගේ සභාවෙන්, මිතුරන් සහ අසල්වාසීන්ගෙන් පිටත ඇය ප්‍රසිද්ධ නොවූවාය. නමුත් ඇය යේසුස්වහන්සේටද ඇයගේ දරුවන් හත් දෙනාටද ඇයගේ මුණුපුරු මිණිපිරියන් විසිපස්දෙනාටද ප්‍රේම කළාය. ඇය පහසුවෙන් සිනහසුණාය. ත්‍යාගශීලීව සේවය කළාය. පාපන්දුවකට ඈතට යන්නට ගැසීමට දක්‍ෂ වූවාය.

දේශනාකාරයා පවසන්නේ “මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය” (7:2) කියාය. “ප්‍රඥාවන්තයන්ගේ සිත වැලපීමේ ගෙදර… තිබේ” (7:4) කියාය. මන්දයත් අප වැඩිපුර ඉගෙන ගන්නේ එහිදී නිසාය. නිව්යෝර්ක් සඟරාවේ කර්තෘ ඩේවිඩ් බෲක්ස් පවසන්නේ ගුණාංග වර්ග දෙකක් ඇති බවයි. එනම් ජීවදත්ත පත්‍රිකාවේ හොඳ ලෙස පෙනෙන දේවල් සහ මළගෙදර අවසන් කථාවේදී කියවිය යුතු යයි ඔබ සිතන දේවල්ය. ඒවා තරඟකාරී ලෙස පෙණුනත් සමහර විට ඒවා එක උඩ එක යයි. ඔබට සැකයක් ඇත්නම් අවසන් කථාවේ ගුණාංග තෝරා ගන්න.

මිනීපෙට්ටියේ සිටි ස්ත්‍රීයට ජීවදත්ත පත්‍රිකාවක් තිබුණේ නැත. නමුත් ඇයගේ දරුවන් සාක්‍ෂි දුන්නේ ඇය හිතෝපදේශ 31 හි සඳහන් භක්තිවන්ත ස්ත්‍රීයට සමාන බවය. ඇය ඔවුන්ව දිරිමත් කළේ යේසුස්වහන්සේට සහ අන් අයට ප්‍රේම කිරීමටය. පාවුල් කීවේ “මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න” (1 කොරින්ති 11:1) කියාය. ඇය යේසුස්වහන්සේව අනුකරණය කළ ලෙස ඇයගේ ජීවිතය ආදර්ශයට ගන්න කියා ඔව්හු අපට අභියෝග කළෝය.

ඔබගේ මළ ගෙදර කියවෙන්නේ කුමක්ද? ඔබ ගැන කියවෙනවාට ඔබ කැමති කුමක්ද? අවසන් කථාවේ ගුණාංග වර්ධනය කර ගැනීමට තවමත් ප්‍රමාද වැඩි නැත. යේසුස්වහන්සේ තුළ නිදහස්ව සිටින්න. අත්‍යවශ්‍ය දෙය සඳහා අපව නිදහස් කිරීමට උන්වහන්සේගේ ගැළවීමට පුළුවන.