කිතුණු සංවිධානයක් සමාවදීමේ ඇති සුවකිරීමේ ස්වභාවය වැඩි කිරීමට ක්‍රියා කළේය. ඔවුන්ගේ එක් ක්‍රියාකාරකමක් නම් වදර වූ තැනැත්තා සහ වරදකළාවූ අයව එක් කඹයකින් පිටට පිට තබා ගැට ගැසීමය. කඹය ලිහාගත හැක්කේ වරදවූ තැනැත්තාට පමණී. ඇය කුමක් කළත් ඇගේ පිටෙහි තව කෙනෙකු සිටී. සමාව නොදී
කඹය ලිහා ගන්නේ නැතුව ඇයට ගැළවිය නොහැකිය.

තමාගේ වැරදිවලට පසුතැවිලිව අප වෙත එන අයට සමාව දීමෙන් අපට වූ වරද නිසා ඇතිවූ තිත්තකම සහ වේදනාවන් ගෙන් නිදහස්වීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. උත්පත්ති පොතෙහි යාකොබ් ඒසව්ගේ කුළුඳුල්කම සොරකම් කිරීමෙන් පසුව වසර විස්සක් වෙන්ව සිටි සහෝදරයන් දෙදෙනෙකු ගැන අපි දකිමු. මේ දීර්ඝ කාලයෙන් පසුව තම දේශයට නැවත යන්න යයි යාකොබ්ට දෙවියන්වහන්සේ කී සේක (උත්පත්ති 31:3). ඔහු කීකරු විය. එහෙත් යාකොබ් බිය නිසා ඒසව්ට ත්‍යාග වශයෙන් සතුන් රැළවල් එවීය (32:13-15). සහෝදරයන් හමු වූ විට යාකොබ් සත්වරක් ඒසව්ට වැන්දේය (33:3). ඒසව් දිව විත් ඔහුව වැළඳගත් විට ඔහුට ඇතිවූ මවිතය කල්පනා කර බලන්න. දෙදෙනාම සමගිවීම ගැන හැඬුවෝය (4 පදය). ඒසව්ට විරුද්ධව කළ වරදින් යාකොබ් තවදුරටත් බැඳී සිටියේ නැත.

කෝපය, බිය හෝ ලැජ්ජාව සමගින් සමාව නොදීමෙන් ඔබ බැඳී සිටින්නේ යයි ඔබට හැඟෙන්නේද? ඔබ උන්වහන්සේගේ උපකාරය සොයන විට උන්වහන්සේගේ පුත්‍රයා සහ ආත්මයාණන්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට ඔබව නිදහස් කළ හැකි බව දැනගන්න. උන්වහන්සේ ඔබව නිදහස් කරමින් ඕනෑම කඹයක් ලිහා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබට උපකාර කරන සේක.