මාගේ දරුවෝ සතුටින් ඉපිලුණෝය. නමුත් මට එසේ නොවුණි. අපි මත්ස්‍ය උද්‍යානයකට ගියෙමු. එහි විශේෂ පොකුණක සිටි කුඩා මෝරුන්ව මිනිසුන්ට අත පත ගෑ හැකිය. මෝරු ඇඟිලි සපන්නේ නැත්දැයි මා ඇසූ විට ඔවුන් බලා ගන්නා තරුණිය විස්තර කළේ මෝරුන්ට ටික වේලාවකට පෙර ආහාර වැඩිපුර දී ඇති බවත් ඔවුන්ට බඩගිනි නැති නිසා ඔවුන් සපා කන්නේ නැති බවත්ය.

මෝරුන් සුරතල් කිරීමෙන් මා ඉගෙන ගත් දෙය හිතෝපදේශයක් සත්‍ය බව පෙන්වයි. “තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි; එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය” (හිතෝපදේශ 27:7). තීරණ ගැනීමේදී සාගින්න, නැතිනම් ඇතුළත ඇති හිස්කමට අපගේ විමසීම් දුර්වල කළ හැකිය. අපව පිරවිය හැකි ඕනෑම දෙයකින් එනම් වෙන කෙනෙකුගේ දෙයක් වූවත් සපා ගැනීම මගින් තෘප්තිමත් වීමට එය අපව පොළඹවයි.

අපගේ බඩගින්නට වහල්ව සිටිනවාට වඩා යමක් දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වේ. උන්වහන්සේට අවශ්‍ය අප ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණ වීමය. එවිට අපි කරන සෑම දෙයක්ම ගලා යන්නේ උන්වහන්සේ දෙන සාමයෙන් සහ ස්ථිරතාවයෙන්ය. කෙන්දේසි විරහිතව අපට ප්‍රේමය ලැබෙන බව සැමවිට දැනීම අපට සහතිකය ගෙන එන්නේය. එය අප ජීවිතයේ මිහිරි දේවල්, ජයග්‍රහණ, අයිතිකර ගන්නා දේවල් සහ සම්බන්ධතාවයන් යනාදියට අපව තෝරාගන්නන් කරයි.

සත්‍ය තෘප්තියක් දෙන්නේ යේසුස්වහන්සේ සමග සම්බන්ධතාවය පමණී. අපි උන්වහන්සේගේ රමණීය ප්‍රේමය අල්ලා ගනිමු. එවිට අප සහ අන් අය සඳහා අප “දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස” (එපීස 3:18) පිරෙන්නෙමු.