“ගහක කොළපාට දිහා බලනවා වෙනුවට එක එක කොළේ දිහා බැලීම විශ්මිත දෙයක්” යයි මාගේ පියා කීවේය. ඊට වඩා එය හොඳින් කීමට මම දැන නොසිටියෙමි. ඒ වන විට මට වයස දහ අටකි. කණ්නාඩි දැමීමේ අවශ්‍යතාවය ගැන සතුටින් නොසිටියෙමි. නමුත් මා දකින් දේවල් උපැස් යුවළ වෙනස් කළේය. එය බොඳව පෙණුනු දේවල් අලංකාර කළේය.

බයිබලය කියවන විටද සමහර දේවල් මට පෙනෙන්නේ කණ්නාඩි නැතිව ගස් දෙස බැලු ආකාරයටය. ඒවායේ වඩා යමක් ඇතැයි නොසිතේ. නමුත් නීරස ලෙස පෙනෙන ඡේදයක විස්තර සොයන විට එහි අලංකාරය ඉස්මතු වේ.

නික්මයාම පොත කියන විට එය මට සිදුවිය. ඒ ඉශ්‍රායෙල්වරුන් අතරේ උන්වහන්සේගේ තාවකාලික නිවහන වන කූඩාරම සෑදීමට දෙවියන්වහන්සේ දුන් උපදෙස්ය. එය නීරස විස්තර ගොන්නක් යයි අපට සිතිය හැකිය. නමුත් 25 වන පරිච්ඡේදය අවසානයේ දෙවියන්වහන්සේ පහන් රුක ගැන විස්තර කරන ස්ථානයෙහි එය “පවිත්‍ර රනින් තැනිය යුතුය” කියා සඳහන් වේ. එනම් පතුළ, සෘජු කොටස, මල් වැනි කුසලාන, පොහොට්ටු යනාදියයි (31 පදය). කුසලාන කොට්ටම්බා මල් මෙන් සෑදිය යුතු විය (34 පදය).

කොට්ටම්බා ගස් ඉතා අලංකාරය. දෙවියන්වහන්සේ එම අලංකාරය තම කූඩාරමට ඇතුළත් කළ සේක.

පාවුල් ලීවේ “දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් ” (රෝම 1:20) ඇති බවය. දෙවියන්වහන්සේගේ අලංකාරය දැකීමට සමහර විට අප මැවීම දෙස බැලිය යුතුය. බයිබලයෙහි නීරස යයි සිතන ඡේද අලුත් කණ්නාඩියකින් අප බැලිය යුතුය.