තමා කළ යුතු දෙය තෝමස් දැන සිටියේය. ඉන්දියාවේ දුගී පවුලකට ඉපිද ඇමෙරිකානුවන් විසින් හදා වඩා ගන්න ලද ඔහු නැවත ගමට පැමිණි විට එහි දරුවන්ගේ දැඩි අවශ්‍යතාවයන් ඔහු දිටීය. ඔවුන්ට උපකාර කළ යුතු බව ඔහු දැන ගත්තේය. නැවත ඇමෙරිකාවට ගොස් තම අධ්‍යාපනය අවසන් කර මුදල් හම්බකර ගෙන අනාගතයේදී නැවත ඉන්දියාවට ඒමට ඔහු සැළසුම් කළේය.

ඔහු යාකොබ් 2:14-18  “තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නමුත් ක්‍රියාවල් නැත්නම් කවර ප්‍රයෝජනයක්ද?” කියා අපෝස්තලුවරයා අසන දෙය කියවීමෙන් පසු, තම රටේ කුඩා දැරියක් “එත් අම්මේ මට දැන් බඩගිනියි” කියනා හඬ තෝමස්ට ඇසුණේය. ඔහු කුඩා කාලයේ දැඩි බඩගින්නේ ඉන්නවා ඔහුට මතක් විය. ඔහු කුණු බක්කි අදිමින් කෑම සෙවු කාලයක් විය. උදව් කිරීමට වසර ගණනක් බලා සිටීමට නොහැකි බව තෝමස් දැන ගත්තේය. “මම දැන්ම ආරම්භ කරනවා” ඔහු තීරණය කළේය.

අද ඔහු ආරම්භ කළ ලමා නිවාසයේ හොඳින් ආහාර ලබන හොඳ සැළකිල්ලක් ලබන දරුවන් පනස් දෙනෙකු සිටිති. ඔව්හු යේසුස්වහන්සේ ගැන ඉගෙනුම ලබති. අධ්‍යාපනයක් ලබති. ඊට හේතුව තමාට දෙවියන්වහන්සේ කියන දෙයක් කිරීම එක මිනිසෙකු කල් නොදැමු නිසාය.

යාකොබ්ගේ පණිවුඩය අප සියල්ලන්ට අදාළය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල අපට විශාල වාසි ගෙන එන්නේය. එනම් උන්වහන්සේ සමග සම්බන්ධතාවයක්, බහුල ජීවිතයක් සහ අනාගත බලාපොරොත්තුවකි. නමුත් අවශ්‍යතා ඇති අයට ළඟාවී අප ඔවුන්ට උදව් නොකරයි නම් ඇති යහපත කුමක්ද? “මට දැන් බඩගිනියි” කියන හඬ ඔබට ඇසෙන්නේද?