“ඔබ සාමය ගැන සිතන්නේ කුමක්ද?” අප දිවා ආහාරය ගන්නා අතර මාගේ මිතුරා මගෙන් ඇසීය. “සාමය… මට ස්ථිර නැහැ… ඇයි ඔබ අසන්නේ?” මම මවිතව ඔහුගෙන් ඇසුවෙමි. “ඔබ සභා රැස්වීම වෙලාවේදී කකුල සොළව සොළවා සිටියේය. ඔබ ඉන්නේ කලබලයෙන්ද? දෙවියන්වහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ දෙන සාමය ගැන ඔබ දන්නවාද?” ඔහු ඇසුවේය.

වසර ගණනාවකට ප්‍රථම මාගේ මිතුරා ඇසූ එම ප්‍රශ්නයෙන් මගේ සිත රිදුණි. නමුත් එදින යම් මාර්ගයක් ආරම්භ විය. දෙවියන්වහන්සේගේ සෙනග කරදර මධ්‍යයෙහි යහජීවනය සහ සාමය වැළඳගත්තේ කෙසේදැයි කියා දැන ගැනීමට මම බයිබලය විමර්ශණය කළෙමි. පාවුල් කොලොස්සිවරුන්ට ලියූ ලිපිය කියවන විට ඔවුන්ගේ සිත්වල ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ආණ්ඩු කෙරේවා යන ආඥාව ගැන නැවත නැවත බැලීමි (කොලොස්සි 3:15).

පාවුල් ලීවේ ඔහු කිසි දිනෙක ගොස් නැති නමුත් තම මිත්‍ර එපප්‍රස්ගෙන් අසා දැන සිටි සභාවකටය. ඔවුන් ව්‍යාජ ධර්මවලට මුහුණ දෙමින් සිටි නිසා ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ඔවුන්ගෙන් ගිලිහී යන්නට වූ හෙයින් පාවුල් ඔවුන් ගැන සැළකිලිමත් වූහ. ඔවුන්ට තරවටු කරනවා වෙනුවට පාවුල් ඔවුන්ව දිරිමත් කළේ ඔවුන්ට ස්ථිරකම සහ බලාපොරොත්තුව දෙන යේසුස් වහන්සේව විශ්වාස කිරීමටය (15 පදය).

ක්‍රිස්තුස්වහන්සේගේ සාමය අප තුළ වැළඳ ගැනීමේ හෝ ප්‍රතික්‍ෂේප කිරීමේ අවස්ථා අප සියල්ලන්ට හමුවේ. අප උන්වහන්සේ වෙත හැරී උන්වහන්සේට අප තුළ ජීවත්වන්න යයි ඉල්ලන විට අපව බර කරන කණස්සලු සහ කරදර වලින් උන්වහන්සේ අපව කෙමෙන් නිදහස් කරන සේක. අප උන්වහන්සේගේ සාමය සොයන විට උන්වහන්සේ අපව ප්‍රේමයෙන් හමුවන බව අපට විශ්වාස කළ හැකිය.