වයස අවුරුදු තුනක් වූ මගේ මුණුපුරාගේ එම දවස ආරම්භ වූයේ ඉතා නරක ලෙසය. ඔහු කැමතිම කමිසය ඔහුට සොයා ගැනීමට නොහැකි විය. ඔහු දැමීමට උත්සාහ කළ සපත්තු උණුසුම් වැඩි විය. ඔහු තම ආච්චීට ගෙරවීය. මොර ගැසීය. ඉන්පසු වාඩිවී ඇඬීමට පටන් ගත්තේය.

“ඇයි ඔයා කලබලයෙන්” මම ඇසීමි. අපි ටික වේලාවක් කථා කළෙමු. ඉන්පසු ඔහු නිසල විය. “ඔබ ආච්චීට හොඳට සැළකුවාද?” මම සෙමින් ඇසුවෙමි. ඔහු තම සපත්තු දෙස හොඳින් බලා “නැහැ. මම නරකයි. මට සමාවෙන්න” යයි පැවසුවේය.

මාගේ හදවත ඔහු වෙතට ඇදී ගියේය. ඔහු තමා කළ දෙය ප්‍රතික්‍ෂේප නොකර අවංක විය. ඉන්පසු අප දෙදෙනා එකතුව අප වැරදි කළ විට අපට සමාවන්න යයි යේසුස්වහන්සේට කීවෙමු. අපට ඊට වඩා හොඳින් සිටීමට හැකියාව දෙන්න යැයි කීවෙමු.

යෙසායා 1 හි සෙනග කළ වැරදි ගැන දෙවියන්වහන්සේ ප්‍රශ්න කරන සේක. උසාවි වල අල්ලස් සහ අසාධාරණය රජ කෙරුණි. පුද්ගලික වාසි සඳහා වැන්දඹුවන් සහ අනාථ දරුවන් යොදා ගැණුනි. එහෙත් දෙවියන්වහන්සේ දයාවන්තව ප්‍රතිචාර දැක්වූ සේක. යුදාහි සෙනඟට පසුතැවිලිව නැවත හැරී එන්නැයි කී සේක. “ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමු……. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය” (යෙසායා 1:18).

අපගේ පාප ගැන උන්වහන්සේට විවෘතව පැවසීම දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන සේක. උන්වහන්සේගේ අවංකකම සහ අපගේ පසුතැවිල්ල මුණ ගැසෙන්නේ ප්‍රේමණිය සමාව සමගය. “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක” (1 යොහන් 1:9). අපගේ දෙවියන්වහන්සේ දයාවන්ත නිසා අලුත් ආරම්භයක් අපට තිබේ.