සභා පාලක සහ ලේඛක ඉයුජින් පිටර්සන් හට ස්විට්සර්ලන්ත වෛද්‍යවරයෙකු සහ සභාපාලක අනුශාසක පෝල් ටුවර්නියර්ගේ දේශනයකට ඇහුම්කන් දීමට අවස්ථාවක් ලැබුණි. පිටර්සන්, වෛද්‍යවරයාගේ ලියවිලි කියවා තිබුණි. සුවය ගැන ඔහුගේ ක්‍රමය අගය කළේය. දේශනය පීටර්සන්ගේ සිතෙහි ගැඹුරු කැටයමක් තැබීය. ඔහුට ඇහුම්කන් දෙන විට පිටර්සන්ට අවබෝධ වූයේ ටුවර්නියර් කියපු දෙය කරන, කරන දෙය කියන අයෙකු බවය. පීටර්සන් ඔහුගේ අත්දැකීම විස්තර කිරීමට භාවිතා කළ වචනය “සර්ව සමතාවය” යි. මට එයට කිව හැකි හොඳම වචනය එය යැයි ඔහු කීවේය.

“සර්ව සමතාවය” යනුවෙන් අර්ථවත් වන්නේ ඔබ දේශනා කරන දෙය තුළ ජීවත්වීමයි. නැත්නම් ඔබගේ කථාව ලෙස හැසිරීමයි. අපෝස්තලු යොහන් දැඩිව පවසන්නේ “ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි” (1 යොහන් 2:9) කියාය. එනම් අපගේ ජීවිත සහ අපගේ වචන එකිනෙකට සමාන නැත. යොහන් තවදුරටත් කියන්නේ එවැනි සෙනග තමන් කොහේ යන්නේදැයි නොදන්නා බවය (11 පදය). “සර්ව සමතාවය”ට විරුද්ධ පදය අන්ධභාවය යැයි ඔහු කියයි.

දෙවියන්වහන්සේට ළංව සිටිමින් උන්වහන්සේගේ වචනයට අපගේ මාර්ගය අලෝකමත් කරන්න අප ඉඩ දෙමු නම් අපි අන්ධ ලෙස ජීවත් නොවෙමු. ප්‍රතිඵලය ශක්තිමත් දර්ශනයකි. එය අපගේ දවස්වලට පැහැදිළිතාවය සහ දැක්ම ලබා දෙන්නේය. අපගේ වචන සහ ක්‍රියා සමාන වන්නේය. අන් අය එය බලන විට ඔහුට පෙනෙන්නේ තමා යන සියලු තැන් දන්නා කෙනෙකු නොවෙතත් තමා අනුගමණය කරන්නනේ කාවද කියා පැහැදිළිව දන්නා පුද්ගලයෙකි යනුවෙනි.