2017 බෙරවාරි මාසයේ මගේ ලොකු අක්කාට පිළිකාවක් ඇති බව දැනගන්ට ලැබුණි. මා මගේ මිතුරන්ට කීවේ “කැරොලින් සමග හැකි උපරිම කාලයක් ගත කිරීම දැන් මම අරඹනවා” කියාය. සමහරු මට කීවේ මගේ හැඟීම් එම ප්‍රවෘත්තියට මා දක්වන අධිප්‍රතිචාරයක් බවයි. නමුත් මාස දහයක් තුළ ඇය මිය ගියාය. මම ඇය සමග පැය ගණනාවක් ගත කළද අප යමෙකුට ප්‍රේම කරන විට අපගේ සිත්වලින් ඇති තරම් ප්‍රේම කිරීමට කාලය මදිය.

අපෝස්තලු පේත්‍රෑස් මුල් සභාවේ යේසුස්වහන්සේගේ අනුගාමිකයන් හට පැවසුවේ “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” (1 පේත්‍රෑස් 4:8) යනුවෙනි. ඔවුන් පීඩාවෙන් දුක් වින්දෝය. ඒ හෙයින් කිතුණු සමූහනයේ සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමය ඔවුන්ට වෙනදාට වඩා අවශ්‍ය විය. දෙවියන්වහන්සේ ඔවුන්ගේ හදවත් තුළට උන්වහන්සේගේම ප්‍රේමය වගුරා තිබූ හෙයින් ඊට ප්‍රතිචාර ලෙස අන් අයට ප්‍රේම කරන්නට ඔවුන්ට අවශ්‍ය වනු ඇත. ඔවුන්ගේ ප්‍රේමය යාච්ඤාව තුළින්, අනුග්‍රහයේ සත්කාරය දීම තුළින්, සත්‍ය මෘදු සංනිවේදනය තුළින් ප්‍රකාශ වනු ඇත. ඒ සියල්ල දෙවියන්වහන්සේ දෙන්නාවූ ශක්තිය තුළිනි (9-11 පද). උන්වහන්සේගේ අනුග්‍රහය තුළින් දෙවියන්වහන්සේ ඔවුන්ට දීමනා දී තිබෙන්නේ උන්වහන්සේගේ යහපත් අරමුණු සඳහා එකිනෙකාට කැපවීමෙන් ප්‍රේම කිරීමටය. “ඒ සියල්ලේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට ප්‍රශංසාව” ලැබෙන පිණිසය (11 පදය). දෙවියන්වහන්සේගේ කැමැත්ත අප තුළින් ඉටු වන පිණිස වූ මෙය දෙවියන්වහන්සේගේ බලවත් සැළැස්මයි.

අපට අන් අය අවශ්‍යය. ඔවුන්ට අපව අවශ්‍යය. දෙවියන්වහන්සේ අපට දී තිබෙන කාලය සහ මූලාශ්‍ර අන් අයට ප්‍රේම කිරීමට භාවිතා කරමු. දැන් පටන් ගනිමු.